කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය, Geo- Goviya රුපියල් මිලියන 573ක් ඉතිරි කරලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

මෙරට කෘෂිකර්මාන්තය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්, නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යට‌තේ, Geo- Goviya නැමැති යෙදවුම හඳුන්වා දී තිබෙන අතර, ඒ අනුව මෙම යෙදවුම මගින් ‌ගොවීන්ට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය දැනුම මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත කර තිබෙන බව සඳහන් වේ.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනට ශ්‍රී ලංකාවේ ඇති සියලුම කුඹුරු ඉඩම් Geo- Goviya යෙදවුම යොදාගනිමින් නිවැරදිව සිතියම් ගත කිරීම අරඹා තිබෙන බවත්, එම දෙපාර්තමේන්තුව විසින් මෙම යෙදවුම මගින් මැනීම් කටයුතු අවසන් කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.91කි. එමෙන්ම ගොවීන් මිලියන 1.38ක් මෙම යෙදවුම මගින් ලියාපදිංචි වී තිබෙන බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Geo- Goviya යෙදවුම මගින් කුඹුරු මැනීම නිවැරදිව සිදු කර ඇති නිසා දැනට ගොවීන් සතුව පවතින ඉඩම්වල සත්‍ය ප්‍රමාණය නිවැරදිවම සටහන් කර ගැනීමට හැකි වී ඇති අතර, ඔප්පුවල සඳහන් වන ඉඩම් ප්‍රමාණයන් බොහෝ විට පවතින ඉඩම් හා නොගැලපෙන බවක් පෙනී යන බවත්, මේ නිසා වගා හානි වන්දි ලබා දීමේ දී මෙන්ම පොහොර සහනාධාර හා වෙනත් ආධාර ලබා දීමේ දී Geo- Goviya යෙදවුම මගින් සනාථ කර ඇති ඉඩම් ප්‍රමාණයට එම සහනාධාර ලබා දීමට කටයුතු කර තිබෙන බව පැවසේ.

අමාත්‍යංශය නිවේදනය කළේ, මේ අනුව Geo- Goviya නිසා පසුගිය වසරේ දී රුපියල් මිලියන 573ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකි වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...