*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

රැහේට ආඩම්බරයක් වූ කැකුලාට මහ හූරාගේ ආශිර්වාදය හිමි වෙයි.ජාතික මැරතන් සූරතාවය යළිත් ආදිවාසී රත්නෙට

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 17, කොළඹ (LNW):

“තව අවුරුදු කීපයක් මේ විදිහටම දුවන්නයි දිනන්නයි ඕනි”


වන්නියලෑ ඇත්තා මහියංගනයේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජයගත් තලාවරිගේ රත්නපාලට එසේ පවසන්නේ මේ ජයග්‍රහණය ගැන දැණුම් දෙන ජයගත් උණුසුමේම රත්නපාල ඔහුව හමුවන්නට ගිය විටය.ඒ ගමණට රත්නපාල සමඟ එකතුවන්නේ ඔහුගේ නිරෝගීභාවය ගැන නිරන්තරයෙන් වගකීමට බැදී සිටින ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් ඒකනායකය.


සිය රැහේ කැකුළෙක් මේ ආකාරයට අලුත් ආකාරයකින් රට ජය ගන්නවාට,ලෝකය ජය ගන්නට යනවාට රැහේ මහහූරා ලෙස වන්නියලෑ ඇත්තනට ඇත්තේ අප්‍රමාණ සංතෝශයක්ය.
චාන්දනී රොඩුපැළන්ද හෙන්නානිගල පාසලෙන් ක්‍රීඩාවට හඳුන්වා දෙන මේ කැකුළා පසුව එස්පී කුලතුංග යටතේ ත් මේ වන විට සජිත් ජයලාල් යටතේ ත් පුහුණුව ලබමින් සිටින්නේය.අද වන විට රැහේ බලාපොරොත්තු ලෝකයට අරං දුවන්නට අවශ්‍යය ශක්තිය මේ කැකුළාට ලැබෙන්නට ආශිර්වාද කරන වන්නියැලෑ ඇත්තන් රට දිවපු මේ කුැකුළා හෙට ලෝකයම දිනා සිය වරිගයේ කීර්තිය ලොව දසත පතුරවනු ඇතැයි හීන ඇතිව ශක්තිය සහ දිරිය පතන්නේය.


මේ කැකුළා රටට හොයා දෙන්නට දුෂ්කර ගමණක් යෙදී ලියූ පළමු අකුරු ටික ගැන එදා දැණුන හැඟීම අද ඊට වඩා සුවඳ නංවන බව මට හැඟෙන්නේය.බොහෝ දේවල් අමතක දියුණු සංස්කෘතික මිනිසුන් අතරේ ඒ දියුණු ලෝකයට දුර බව සිතන ආදිවාසී වැදි පරපුරේ නියෝජනයක් වන රත්නපාල සෑම ජයග්‍රහණයකින් පසුව…….
“ස්ර් මං දිණුම්” යැයි කියන ඒ වචන ටික හිතට තදින් දැනෙන්නේ වචනවලට පැටළුමක් ඇති කරමින්ය.


“සර් එදා අපේ ගෙදර ඇවිත් මගෙ පස්සෙන්ම වැටුණෙ නැත්නම් මේ මොකුත් නැහැනෙ.මං එයාර් ෆෝස් ආවෙ දීපාල් ස්ර්ව හඳුනගන්නෙ ඒකනෙ.”
නොවැරදී වචන එහෙ මෙහෙ කරමින් රත්නපාල මුමුණන ලයාන්විත සිහින හඩ පත්තර තීන්තවල සුවඳ කොච්චරනම් දේවල් ජීවිතයට එකතු කර ඇද්ද යන්න දනවන්නේය.

දශකයකටත් එහා ගිය අතීතයක දෙහිඅත්තකණ්ඩිය ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේ ද අනුග්‍රාහකත්වය දැරුවේ නෙස්ටමෝල්ට් ආයතනය විසින්මය.මේ මැරතන් සහ නෙස්ටමෝල්ට් බැදීමේ ඉතිහාසය ඊටත් දිගු එකකි. ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂී මැරතන් තරු වන කේ.කරුණාරත්න වැන්නන් රට දැන ගැනීමේන් පසු ක්‍රීඩාවෙන් නික්මුණ පසුව ද, ඔහු සංවිධානය කළ මැරතන් ඉසව්වේ ද අනුග්‍රාහකත්වයට පිවිසියේ නෙස්ටමෝල්ට්ම ය.
එහෙත් ඒ අත දීම හරහා ලංකාවේ අලුත් මැරතන් තරු නැඟිටින්නට පෙර වට්ටා දෑමූ රුදුරු බෝම්බය සමඟ කරු,නෙස්ටමෝල්ට් සමඟ තිබුණු මැරතන් ආදරය වසාමගේ ඇසු ඉදිරිපිටම වසා දැමුවාය.මා ඉදිරිපිට යන්න ලීවේ ඒ තරගයේ නිවේදන කටයුතු පැවරී තිබුණේ මට බැවින්ය.


දෙහිඅත්තකණ්ඩිය මැරතන් තරග ඉතිහාසය ද මට සැබැඳි එකකි.එකල කොළඹින් ක්‍රීඩා මාධ්‍යවේදීන් මේ තරග ආවරණයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් කැටුව යන්නේය.එහි වැදගත්නම වන්නේ එසේ යන්නේ ක්‍රීඩා විෂය ආවරණය කරන්නටම බැදුණු පිරිසක් නිසාය එසේ කරන වාර්තාවන් වඩා පලදායී ක්‍රීඩාමය ස්වරය රැඳුණු ඒයා වන බැවිනි.


එවැනි ක්‍රීඩාමය සටහනකින් නොනැවතුණු මැදිහත්වීමක ප්‍රතිපලයක් ලෙස දෙහිඅත්තකණ්ඩිය පාසල් අංශයේ මැරතන් ජයග්‍රාහකයා සමග වෙනම බැදීමක් ඇති කර ගන්නට හේතු සැකසිණි.ප්‍රධාන වශයෙන් ආදි වාසී පරපුර නියෝජනය කළ කැකුළෙක් වූ තලා වරිගේ රත්නපාල පාසල් කරගයේ දී ජයගත් ආකාරයේ තිබුණු ආකර්ශණීය බව ඒ බැදීමේ උවමනාව තදින් දනවන්නට විය.


මේ තත්ත්වය නිසා එදින හවස මාධ්‍ය සඟයන් සමඟ කොළඹ ඒම අතහැරිය මා සුසන්ත ප්‍රනාන්දුගේ යතුරු පැදියෙන් රත්නපාල සොයා ගියේය.ඉතා දුෂ්කර ඒ මඟේ යතුරු පැදියේ රෝදවලට ද වැල්ලෙන් නේක බාධා පමුණුවද්දී,රත්නපාල අප සොයා නිවසට පැමිණියේ පාපැදියකින්ය.ඒ ද එක අතක සිය සොහොයුරියගේ දරුවා ද වඩා ගෙනය.දුෂ්කර මඟ මෙන්ම නිවෙසෙන්ද කීවේ දුෂ්කර බවමය.එහෙත් ධාවනයේ හැකියාව ඒ දුෂ්කර බව පෙරළුණු ජයග්‍රහණය කරා යා හැකි එකක් බව සහතික විය.
සුළු කාලයකින් පාසල ගමන නිමා කළ රත්නපාල එවකට ගුවන් හමුදා මලල ක්‍රීඩා අංශයේ සභාපති වූ දීපාල් මුණසිංහ හරහා ගුවන් හමුදාවට බැදිණ.ඒ ත්‍රිවිධ හමුදාවක ක්‍රීඩා සංචිතයක් වෙනුවෙන් ආදිවාසී ක්‍රීඩකයෙක් බැදුණු පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වෙමින්ය.මේ වන විට ධාවන පථයේ තිබුණු රත්නපාලගේ දෙපය දැන් පාරට පැමිණ ඇත.ඒ ඉතිහාසය එතරම් දිගු නැත.දැන් රත්නපාල සිටින්නේ දෙවන වරටත් ජාතික මැරතන් සූරතාවලියේ කිරුළ දිනා ගෙනය.


ඔහු අතිශයින් වැදගත්ය.ප්‍රධාන සමාජය විසින් තවමත් මැජික් ලෙස නරඹන්නට යන සංස්කෘතියක කිරි කොරහට වඩා ගන්නට තිබෙන මානව සම්පත් සහ හැකියාවන් රටට තිබෙන බව ඔප්පු කරන සාධකයක් හැටියට රත්නපාල උදාහරණයක්ය.මේ සාධකය ලෝකයේ මෙවැනි ආදි වාසී ප්‍රජාවන් සතු සංවිධාන සොයා වඩාත් ඔප දැමිය හැකි ආකාරය සෙවීම මලල ක්‍රීඩා පරිපාලනයට හෝ ක්‍රීඩා අමාත්‍යංශයට කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු.ඒත් ජයග්‍රහණයක ස්ථානයක් සහ ඊට ක්‍රීඩාමය වශයෙන් කරන සම්ප්‍රදායික වැඩ සටහන් කිහිපයක් හැරෙන්නට මෙවැනි විශේෂ අවස්ථාවන් ලංකාව දෙසට යොමු කර ගන්නට හිතන්න පරිපාලනයට හිතෙන්නේ නැත.ඇත්තටම සංචාරක අමාත්‍යංශ්‍යත් සමඟ එකට තිබෙන ක්‍රීඩා අමාත්‍යංශයට සංචාරක ක්‍රියාවලියේ ලංකාවේ ආදිවාසීන්ගේ දායකත්වයක් හැටියට මේ විශේෂ අවස්ථාව යොදා ගන්නට හැකියාව ඇත.ඒවා සම්ප්‍රදායිකව තරග පැවත්වීම,ජය ගැනීම සහ ජය සංඛේත ප්‍රදානයෙන් ඔබ්බට සිතන ව්‍යහුයක සිඳු විය යුතු අලුත් සිතුවිලි පරම්පරාවකට පැවරෙන වැඩය.ඒ අලුත්කම නැති එක අපේ ක්‍රීඩාව ගැන සිතන විට දැනෙන දුක අතර මුලය.


දැන් රත්නපාලට අවුරුදු 32 ක් ය.තව අවුරුදු 4 ක් ඔහුට මැරතන් පාරේ දිව යා හැකිය.ඒ හතරෙන් මීට වඩා බොහෝ ප්‍රයෝජන ගත හැකි මාර්ග ලෝකයේ තිබෙන බව අපි විශ්වාස කරමු.ලෝකයේ ආදිවාසී සංවිධාන හරහා රත්නපාලට උපකාරයක් ගත හැකිය.කිරි කොරහ සහ පැණි බෝතල්,දඩමස් උස්සාගෙන වැද්දා යන චරිතයේ අලුත් විකාශය ඒ සංස්කෘතික අනන්‍යතාවයන් සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරන තැනට පැමිණ තිබෙන බව කියන්නට රත්නපාල වෙනුවෙන් හොඳ වටිනාකමක් දී සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් විදිහට භාවිතා කළ හැකිනම් එය රටට වැදගත් නැද්ද? තව දුරටත් ක්‍රීඩා දක්ෂතා ඇති වැදි පරපුරේ ජනතාවට එය පෙළඹවීමක් වෙනවා මෙන්ම සංස්කෘතික වශයෙන් ක්‍රීඩා තරගාවලියකදී ඔවුන්ගේ සම්ප්‍රදායික සංස්කෘතිකාංග ලෝක ආකර්ශණය ලැබෙන තත්ත්වයට ඔසවා තැබිය හැකි නොවේද?


රත්නපාල හොඳ මිලක් ඇති මිනිසෙක්ය.ඔහුට හානියක් නොවන විදිහට රටට ඒ හැකියාවෙන් ජයග්‍රහණ ලැබෙන විදිහට ඔහුව භාවිතායට ගනු ඇතැයි ඔහු සොයා ගිය පළමු දවසේම මා සුසන්ත ප්‍රනාන්දු සමඟ පැවසීය.ඔහු දැන් මෙරට පමණක් නොව විදෙස් රටවල ද ශ්‍රී ලංකා ධජය ඔසවාගෙන යන තරමට වැඩුණු දක්ෂ මැරතන් ධාවකයෙක්ය.ඒත් තවම ඔහුගෙන් රටවත් රටට ඔහුගෙන් ගත හැකි වැඩ කොටස වෙනුවෙන්වත් සාධාරණය ඉටු වි නැත.ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ස්විප් එක දෙපැත්තටම ඇඳෙන විදිහට පාවිච්චි කරන්න හැකිනම් අපූරුය.එයින් රටටත් වාසි අත්වන ඔහුටත් වාසි අත්වන වාසනාවන්ත අවස්ථාවන් ගණනාවක් පහළ වෙනවා නිසැකය.
අපි රත්නපාලව දිනවමු! රටට තව ජයග්‍රාහි වැඩ බොහෝ දේ ඔහුගෙන් ලබා ගනිමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan