*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

‘මිනිසුන් මිලියනයක් මියගිය ඉතියෝපියානු සාගතයට වඩා සුඩානය ලොව දරුණුතම සාගතයට මුහුණ දෙමින් සිටියි’ – සමන්තා පවර්

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 17,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 1983 සිට 1985 දක්වා කාලය තුළ මිනිසුන් මිලියනයකට මාරු කඳවු ඉතියෝපියානු සාගතයට වඩා සුඩානයේ මානුෂිය අර්බුදය මාරාන්තික විය හැකි බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් සඳහන් කර තිබේ.

ඒ අනුව, මෙම වසරේ සැප්තැම්බර් අග වන විට මිලියන 2.5 ඉක්මවන ජනතාවක් අතුරින් ඩාර්ෆූර් සහ කෝර්ඩෝෆාන් හි ජනගහනයෙන් 15% මිය යා හැකි බවට ඇස්තමේන්තු කර ඇති අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් සඳහන් කර තිබුණේ, අපගේ ඇස් ඉදිරිපිට සිදුවන ව්‍යසනය ගැන ලෝකය අවදි කිරීමට අපට අවශ්‍ය වන බවයි.

මේ වන විට ගාසා තීරය කෙරෙහි ලෝකයේ වැඩි අවධානයක් යොමු වී ඇති නමුත් සුඩානය දැනටමත් ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදයෙන් පිඩා විඳින අතර, ඉතා අඩු මාධ්‍ය ආවරණයක් සහ ගෝලීය සැලකිල්ලක් සහිතව මානුෂිය ව්‍යසනයක් කරා තල්ලුවෙමින් පවතියි.

ප්‍රතිවාදී ජෙනරාල්වරුන් දෙදෙනෙකු වන රටේ තථ්‍ය පාලකයා වන SAF හි අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ RSFහි නායක මොහොමඩ් හම්දාන් ඩගාලෝ අතර රටේ පාලන බවල ලබා ගැනීම සඳහා වන යුද්ධය 2023 අප්‍රේල් මාසයේ සිට ආරම්භ වූ අතර සිවිල් යුද්ධය දැනටමත් ලේඛනගතව ඇති පැරිසි මිනිසුන් 14,000 ක් මරා දමා ඇති අතර මිලියන 10 කට තම නිවෙස්වලින් පලා ගොස් ඇත. නමුත් සත්‍ය සංඛ්‍යාව මිට වඩා විශාල අගයක් ගනු ඇති බව විශ්වාස කෙරේ,

සටන් කරන හමුදාවන් දෙපාර්ශ්වයම ආධාර බෙදා හැරීම දිගටම අවහිර කර ඇති නමුත් දෙපාර්ශවයටම ආයුධ සැපයීම දිගටම ගලා එන අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ආයාචනයකට අනුව, රට සඳහා ලැබී ඇත්තේ එයට අවශ්‍ය අරමුදල්වලින් 16% ක් පමණි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් විසින් මානුෂීය ආධාර ඩොලර් මිලියන 315 ක් ප්‍රකාශයට පත් කළ නමුත් මිලිටරි කණ්ඩායම්වල කඩාකප්පල්කාරී ක්‍රියාවන් හෙතුවෙන් සිවිල් වැසියන් වෙත මෙම ආධාර නොයන බවයි ඇය සඳහන් කලේ. එමෙන්ම RSF සොල්දාදුවන් විසින් ක්‍රමානුකූලව මානුෂීය ගබඩා කොල්ලකෑම, ආහාර සහ පශු සම්පත් සොරකම් කිරීම, ධාන්‍ය ගබඩා කිරීමේ පහසුකම් විනාශ කිරීම සහ වඩාත් අවදානමට ලක්විය හැකි සුඩාන ප්‍රජාවන්හි ළිං විනාශ කරන බවත් දේශසීමා ප්‍රවේශය වසා දැමී සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan