*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

ලෝක කුසලානයෙන් ඉනික්බිති…….

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 17, කොළඹ (LNW):

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමන නිමා වි ඇත.ශ්‍රී ලංකාවට වඩා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටි පකිස්තානයට සහ නවසීලන්තයට ද සුපිරි අට වටය අහිමි වී ඇත.ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සිටි කාණ්ඩවල ලොව ප්‍රබලතම කණ්ඩායම් ලෙස සළකන කණ්ඩායම් තුන බැඟීන් සිටිය අතර පකිස්තානය සිටි කාණ්ඩයේ සිටියේ කණ්ඩායම් දෙකකි.එහෙත් සිය මව් රටේ පැවත්වෙන තරගාවලියට හොඳන් සූදානම්ව සිටි ඇමෙරිකාව පකිස්තානය පරාජය කිරීම නිසා ඔවුන්ට ද සිඳු වූවේ සුපිරි අට වටයෙන් එළියට එන්නටය.


නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට තමන් සිටි කාණ්ඩයේ අභියෝග වැඩි වූ අතර එසේම ප්‍රධානම අභියෝග සමග මුල් තරග දෙකේදී තරග වඳින්නට ද සිඳු විය.ඊට අමතරව එක් තරගායක් ශ්‍රී ලංකාවට වර්ෂාව නිසා අහිමිව ද ගියේය.කෙසේ වෙතත් පරාජයට හේතුව ඊට වඩා ජයග්‍රහණ ලැබූ කණ්ඩායම් ඒ තරග මොහොතට අදාළව වඩාත් දක්ෂවීම මිස අන්ත දුර්වල තත්ත්වයක් නොවන බව සටන් කිරීමේ විලාශයෙන් හැඟිනි.


දසුන් ශානකගෙන් බංගලාදේශ තරගයේ දී පුල්ටොස් පන්දුව යොමු නොවුණානම් සමහර විට මේ ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබිණ.එය ඒ මොහොතට අදාළව දසුන්ගෙන් සිඳු වූ වරදක් මිස දසුන් සදාකාලික වරදකරුවෙක් කර තලා පෙලා දමන්නට හේතුවක් නොවේය.


මේ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ තත්ත්වයෙන් සිටි පකිස්තානය හළියට වීසිවීම සම්බන්ධයෙන් මෙන්ම නවසීලන්තය එළියට වීසි වීම සම්බන්ධයෙන් ද ක්‍රීඩකයින් සහ ක්‍රීඩා පරිපාලනය ලංකාවේ තරම් නිග්‍රයට බඳුන් වෙන්නේ නැත.ඊට හේතුවක් ඇත.සිටින ක්‍රිකට් පරිපාලනයට ක්‍රිඩා පණතේ බලය පරිදි යැයි අතුරු කමිටුවක් නම් කරන්නට මෙන්ම සමස්ත පාර්ලිමේන්තුවේම විරෝධය ගොනු කර එලවා දමන්නට යෝජනා කර සම්මත ද කර ගත්තේය.

1988 ශ්‍රී ලංකා කණ්ඩායම

එහෙත් විගනකාධිපතිවරයා වියදම් සම්බන්ධයෙන් වන කරුණු පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන් මිස ගිණුම් වංචාවක් වී ඇති බව කි බවක් කියවුණේ නැත.චෝදනාව නිර්මාණත්මකය.එහි නිර්මාණයට එක හේතුවක් වන්නට ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ගිණුමෙන් ක්‍රීඩා පනතට මුදල් ලබා ගැනීමේ එකඟතාවයක් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ ඉල්ලීම මත සිඳු නොවූ නිසා විය හැකිය.


කෙසේ හෝ පාර්ලිමේන්තුව එකඟ වී ඇත්තේ වරදක් ලෙස සළකා ඇත්තේ අයිසීසී ආයතනය විසින් පිළිගත් කරුණු බැවින් පත් කළ අතුරු කමිටුවට තහනමක් ද,ක්‍රීඩා ඇමතිගේ දේශපාලන බලය පෑම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තහනමක් පැමිණ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ලංකාවට අහිමි වෙමින් ද ක්‍රීඩා ඇමතිට ධූරය සහ ඔහුට උපදෙස් දුන් සභාපතිගේ ක්‍රිකට් පරිපාලන හීනය ද බොඳව ගියේය.


වඩාත් වැදගත්ම කාරණය හැටියට සිහිය තබා ගත යුත්තේ ඒ මොහොතේ ක්‍රිකට් තහනම් නොවී අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ක්‍රියාත්මක වූයේ නම්, වතුර බෝතලයේ සිට වියදම් කරමින් මෙහෙයවීමේ වගකීම අතුරු කමිටුව විසින් සිඳු කරන බවය.2011 දී ද එවැනි දෙයක් සිඳු වූ අතර එවර ලේකම් වූයේ ද රණතුංග පවුලේම සහෝදරයෙක්ය.


මේ මොහොතේ කෙසේ හෝ පාර්ලිමේන්තුවම එකඟව දුන් ප්‍රහාරය නිසා රටේ පක්ෂ වටා සිටින බොහෝ පිරිස්වලට ක්‍රිකට් අවුල්ය.තමන් බලයට පත් කර අප්පොලා,හාමුලා,මහත්තුරු සහ නෝනලා මෙන්ම ඇතැම් විට සහෝදරවරු ද ක්‍රිකට් අවුල් කියන තැන සිට කතා කරද්දී අනුගාමිකයන් පෙනී සිටින්නේ ද බනින්නටය.දොස් කියන්නටය.මේ රැලි පිටින් ගිලින අය ද,දේශපාලනිකව යම් යම් ව්‍යාපෘති සඳහා වැඩ කරන අය ද,ක්‍රීඩකයන් වෙනුවෙන් පෞද්ගලිකව සමාජ ගිණුම් මෙහෙයවන අය මෙන්ම ක්‍රීඩක කළමණාකරුවන් විසින් මෙහෙයවන්නන් ද ලෙස රොද බැඳි සිටින කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හඳුනා ගන්නට හැකිය.


ඉන් එක කොටසක් පාලනය වෙනස් කර 2026 දී ශ්‍රී ලංකාවේ පැවත්වෙන විස්සය විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනයට පිවිස අලුත් ව්‍යාපෘති හදමින් සංදර්ශනයක් දමමින් මූල්‍යමය වශයෙන් වියදම් කරන්නට මාර්ග සකසා ගන්නට මඟ බලා සිටිති.ඒ විවේචන මැද පරාජය ගැන දුකට පත් හැඟීම්බර කොටස් ද රැල්ලට ගසා ගෙන ගොස් අර මූල්‍යමය ලාභ අපේක්ෂිත ව්‍යාපෘතිවලට ආශිර්වාද කරන්නෝ බවට නොමිලේ පත්වන්නෝද වෙති.


ක්‍රීඩකයන් වෙනුවෙන් සහ ක්‍රීඩකයින් භාර කළමණාකරුවන් වෙනුවෙන් ද එසේ සමාජ මාධ්‍යවල වැඩ කරන පිරිසක් සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විසඳන්නට නොහැකි අන්දමට මේ කණ්ඩායම් ඇතුළේ එකට සිටින අය පිටින් එකිනෙකාට උගුල් ුටවාගෙන සිටින අතර බේදයක් නිර්මාණය කරන්න සුදුසු අවම දේ හෝ සොයා ගැනීමට වෙහෙස විය යුතුය.එවැනි එක් දෙයක් වර්ථමානයේ රිච්මන්ඩ ප්‍රබෝධය.එයින් අනෙකාව පහත් කරන උදම් අනන පිරිසක් මෙන්ම ඒ උදම් ඇනීමට වාරය එන තුරු වැඩේ දෙන්න බලා සිටින පිරිසක් ද නිර්මාණය වන්නේ එතැනින්ය.


කෙසේ වුව වැඩි දෙනෙක් කුසල් මෙණ්ඩිස්ට සහ වනිඳු හසරංගට කැමති නැත.එය විලාසිතාවක ස්වරූපයක් ගන්නේය.වනිදු නායකත්වයට පත් කරන්නේ වැඩි සමාජ ජාලා ආකර්ශණයක් ඇති දසුන් ශානකට නායකත්වය අහිමි කරමින්ය.මේ නිසා වනිඳු මේ තරගාවලියේදී පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම,(සමස්ත කණ්ඩායමම නෙදර්ලන්ත තරගයට පෙර සියලු තරගවලදී එම චෝදනාවට යටත්ය.) ටැටූ ගසා තිබීම,කණේ කරාබුවක් තිබීම,කමිසය උඩින් දැමීම සහ කෑ ගැසීම ආදි චෝදනා ගණනකට වරදකරුය.

මේවා මේ සමාජය මත පරිනාමයට පත් නොවීම සම්බන්ධ චෝදනාය.ලංකාවේ පාසල් පද්ධතිය එබඳුය.ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා තරගයකට අඳින ඇඳුමෙන් බුරිය පෙනෙනවානම් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා කරන්නට නොදේ.එය වැරදිය.කොණ්ඩව විලාසිතාවක් කර තිබුණොත් කපා දමන්නේය.පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝකයේ වෙන රටවලට අදාළ දේ අදාළ නොවන බවට වාරණ සහ තහංචි පනවන්නේ ගුරුවරුය.පංති කාමරය ඇතුළේ අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී කියා උගන්වා ලෝකය පිළිගත් ක්‍රීඩා ඇඳුමක,තරුණ හිස කේ විලාසිතාවකට රටේ සංස්කෘතිය වෙනස් වෙන බවට මානසික තත්ත්වයක් නිර්මාණය කරන පාසල් පද්ධතිය අනුව සිතන්නට හුරු කරපු අයට වනිඳු මාර වැරදිය.කුසල් ද එසේ වන්නට ඇත.


අර්ජුන රණතුංග මාලිංගගේ කොන්ඩා මෝස්තරයේ සිටම කරාබුව ගැන ද කිපුණු එවැනි අදහස් ඇති අයෙක්ය.එහෙත් කරාබු නැති,කොණ්ඩයට වර්ථමානයේ ඇති විලාසිතා නැති වුව ද අර්ජුනලාගේ ක්‍රිකට් සමයේ ඔවුන්ගේ කොණ්ඩා මෝස්තරය ද නවීනය.තරුණයන් හැටියට තෝරා ගත් එකක්ය.
මෙහි 1988 ට අදාළ ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරූපයක් අලවා තබන්නේ ඒ කොණ්ඩා මෝස්තරවල සමාන කමක් නවීන කමක් (එකලට) තිබේ ද යන්න විමසා බලන්නටය.වත්මන් කණ්ඩායමේ මේ තත්ත්වයේ ඇති සමානකමනම් ප්‍රධාන වශයෙන් කොණ්ඩයටත් වඩා වැවුණු රැවුලය.පච්චය.මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ වත්මන් තරුණ ක්‍රිකට් ක්‍රිඩකයින් ආක්‍රමණය කර තිබෙන දෙයක්ය.88 පිංතූරය ගත් විට ද ඒ කාලයේ වෙනත් රටවල කණ්ඩායම් පිංතූරවලද මෙවැනි කොණ්ඩා හැඩ දකින්නට තිබිය හැකිය.


ලෝකය විලාසිතාවලින් වෙනස්වන විට ඒවාට වැට බැදීම කියන්නේ විනයය,සංස්කෘතියට එරෙහිවීමක් කියා සිතන්නට බල කරන අධ්‍යාපන ක්‍රමවේදයක විලාදිතාව යනු රස්තියාදුකාර කමක්වීම අපේ අසමත් සමාජභාවයේ කතා කළ යුුතු පරිච්ඡේදයකි.එහෙත් ක්‍රිකට්මය වශයෙන් මේ සියලු දේවල් ඇතුළේ වෙනත් පරමාර්ථවලට ඉව ඇල්ලීමේ වැඩ සටහන්වලට මේ පුරුදු කරපු ක්‍රමය භාවිතා වෙමින් තිබෙන බව පැහැදිළිය.


කුමන තත්ත්වයක වුව වනිඳු හසරංග නායකයා ලෙස සිය කණ්ඩායම තේරීමේදී පෞද්ගලික හේතු මත ක්‍රීඩකයින් කණ්ඩායමට ඉල්ලා සිටීම හෝ ඉවත් කිරීමට බලපෑම් කිරීම යනු වැරදි සහගතය.එහි ඇත්ත නැත්ත නොපමාව සොයා බලා අවශ්‍යය පියවර ගත යුතුය.එම වරද සිඳුවන්නේ චාමික කරුණාරත්න තෝරා ගැනීම සම්බන්ධයෙන් නිසා දසුන් ශානක යටතේ ඒ දේ සිඳු නොවූ බව ද ඇතැම් අය කීම නම් පිළිගත නොහැකිය.කණ්ඩායම තුළ බොහෝ දුරට සමාන හැකියාවන් ඇත්තේ චාමික සහ දසුන් සතුවය.
දසුන් සිටියදී ද මේ තත්ත්වය නිසා චාමිකට ස්ථානය අහිමි විය.දසුන් එවැනි තත්ත්වයක දක්ෂතාවලින් පහළ බහිද්දී නායකත්වයෙන් ද ඉවත් කරන්නට යෙදිණ.විස්සයි විස්ස කණ්ඩායමක නායකත්වය දැරීමට පමණක් අයෙක් රඳවා ගැනීම පලදායක නැත.එහෙත් දසුන්ට නායකත්වය අහිමි වීමට එහා දෙයක් සිඳු වී නැත.


කවුරු කවුරුත් මේ තරගාවලියේ දී පිතිකරණයෙන් අසමත්කම් වූ බව ඇත්තය.නෙදර්ලන්ත තරගයේදී පමණක් සාර්ථක වූ පිතිකරුවන් කිහිප දෙනෙකි.එසේම පහත ඇති දත්තවලින් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු යැවූ සහ පන්දුවට පහර දුන් ආකාරයේ දත්තවලට පිවිසෙන්නට හැකිය.එය ඇසුරු කිරීමේදී ඇත්තටම තමන් බනින ක්‍රීඩකයින් සහ හොඳ කියන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමන්ගේම හෘද සාක්ෂිය සම්බන්ධ අවංක අයෙක්නම් ගැටළුවක් මතු විය හැකිය.ඔක්කොම ෆේල් වෙලා තියෙද්දී විකාර කියනවා කියා කෙනෙකුට තමන්ගේ උවමනාවන් හමුවේ ඒ දස්කම් සංසන්දනය නොකර ඉදිරිපත් කරන්නාට බැන වඳන්නට ද හැකියාව ඇත.එහෙත් අප විශ්වාස කරන්නේ සාපේක්ෂව සළකා බැලීමය. මේ දත්ත පහත ඇත්තේ ඒ වෙනුවෙන්ය.
https://es.pn/3KMSMfB

කෙසේ හෝ තරගාවලිය අවසාන කරමින් මේ තරගාවලියේ දී කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය සම කරමින් (ලකුණු 201) ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කළේය.එහි ලකුණු පූවරුව සළකා බලන්න පහතින් ඔබට හැකියාව ඇත.
https://es.pn/4cjLVWA
මේ සංසන්දන ලාංකේය සමාජ ව්‍යහුය මත සළකා බැලෙන්නේ අඩුවෙන්ය.පෞද්ගලිකව තමන්ගේ සිත තුළ ඇති හැඟීම් අනුව තීරණය කර ගත් හොඳ නරක මත මිස සංසන්දනයක් හෝ පරික්ෂා කිරීමක් සිඳු කරනවා අඩුය.දේශපාලනයේ දී වුව කුමන හෝ පක්ෂයක් තමන්ගේ ලැබැදියාවට ලක් වන්නේනම් එහි ප්‍රධානියෙක් කරන අයහපත් දෙයක් වෙනුවෙන් හෝ කොන්දේසි විරහිතව පෙනී සිටින්නට පුරුදු පුහුණු කළ සමාජයක,සමාජය තුළ ඇති කර තිබෙන ක්‍රිකට් විරෝධයේ අනුගාමිකත්වය ක්‍රිකට්මය වූ ක්‍රියාවලියක තමන්ගේ කැමත්ත තෝරන්න අවශ්‍යය සමීකරණ භාවිතා කරන්නේ නැත.ඒ නිසා ක්‍රිකට් ලෝක සූරතාවය දිනුවත් එයට ද විවේචන කරන්න කාරණා තමන් සතු මූලික විරෝධයේ අවශ්‍යයතාවය විසින් සොයා ගන්නවා හැරෙන්න විවේචකයාට සතුටු වන්නට නොහැකිය.
අපි බලා සිටිමු!කළ වැරදි ඇත.එහෙත් සටන් කළ ආකාරය ගැන සතුටුය.දිනුවානම් හොඳය ඊට උත්සාහ කළා විනා සාර්ථක කරගන්න නොහැකි වීම ගැන කණගාටුය .


හෙට අපි යළිත් නැගිටිමු!පෞද්ගලික කෝන්තර නවතා කණ්ඩායමක් හැටියට මේ කණ්ඩායම ඒක රාශි කිරීමට පළමු පියවර හැටියට සාධාරණ බලපෑමක් කළ හැකි දෙයක් ඇත. ක්‍රීඩකයින් පසුපස සිටින හොඳ නරක නොසිතා තමන්ගේ ක්‍රීඩකයා වෙනුවෙන් ව්‍යාපෘති සකස් කරන කළමණාකරුවන් නිහඩ කළ යුතුය. ක්‍රීඩකයා ගැන බැලීම රැකියාව වුව,රට ගැන සිතීම යුතුකම බව සහ වගකීම බවට ඉවක් මේ රටේ සෑම පුරවැසියෙක්ටම තිබිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු!එය කළමණාකරුවන්ට සහ ක්‍රීඩකයන්ට පොදුය.


සමස්ත තරගාවලිය සම්බන්ධයෙන් දත්ත සළකා බැලීමට පහත සබඳතාව ඔබට වැදගත් වනු ඇත.
https://es.pn/4cm6XUG

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan