කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

Date:

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථිකය, 4.8% කින් ප්‍රසාණය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2024 වසරේ අවසාන කාර්තුවේ පැවති 5.4% ක වර්ධනයට සාපේක්ෂකව මේ වසරේ මුල් කාර්තුවේ ඇති වී තිබෙන වර්ධනය යම් ලිහිල් වීමක් පෙන්නුම් කළද, ගෙවුණු වසර කිහිපයේ පළමු කාර්තූන් පිළිබදව සැලකිල්ලට ගත් විට මේ වසරේ පළමු කාර්තුවේ වර්ධනය ශක්තිමත් තැනක පවතින බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව වසරේ පළමු කාර්තුවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රසාරණයට මූලික වී ඇත්තේ කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් වන අතර කර්මාන්ත අංශය 9.7% කින් ශක්තිමත් ලෙස ප්‍රසාරණය වී තිබේ.

සේවා අංශයේ වර්ධනය 2.8% ක් ලෙස දැක්වෙයි.

කෙසේ වෙතත් කෘෂිකාර්මික අංශය 0.7% කින් පහත වැටී තිබෙන අතර සමස්ත ආර්ථිකයට කෘෂිකාර්මික අංශය 7.6% ක දායකත්වයක් ලබා දෙන අතර කාර්මික අංශයේ දායකත්වය 26.7% කි. සේවා අංශයේ දායකත්වය 57.4% ක් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...