සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

Date:

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට ඇති බවට දැන් පිළිගැනීමට සිදුව තිබෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාව ඇතුළු නගර සභා කිහිපයක් ජයගත්තේ ඩීල් මඟින් බව පැවසීමට සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන් පසුගිය 15 වැනිදා පස්වරුවේ පැවති සකච්ජවේදීද තේරී පත්වූ ඇතැම් සභිකයින්ට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දුරකථන ඇමතුම් පැමිණ තිබුණ ආකාරය දැකගත හැකි වූ බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර ඇතැම් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක් ද මාලිමාව වෙනුවෙන් සජබ මන්ත්‍රීවරුන්ට කතා කර තිබෙන බවත් තිස්ස අත්තනායක මහතා කියාසිටියි.

එලෙස ඩීල් ගණනාවක් ක්‍රියාත්මක වූ අතර විවිධ වරප්‍රසාද ක්‍රියාත්මක වූ බව පිළිගැනීමට සිදුව තිබෙන බව හෙතෙම පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...