කසල තේ සමඟ පුද්ගලයෙක් STF දැලේ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

කසල තේ කිලෝ 4,294ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත දවුලගල, දෙල්ලංග ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි වියේ පසුවන මුරුතගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...