“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

Date:

සටහන – පුලී
ජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන් පැය කිහිපයකට පසු, ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග් ජාත්‍යන්තර මුහුදේදී තමා සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් පැහැරගෙන ගිය බවට චෝදනා කළ අතර, ඇය නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වූ බවට සඳහන් ලියවිල්ලකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව ද පැවසුවාය.

පැරිසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් මෙම ස්වීඩන් ජාතික ක්‍රියාකාරිනිය අවධාරණය කළේ; ඉකුත් සඳුදා ඊශ්‍රායලය විසින් අත්පත් කර ගත් ගාසා බලා යන නෞකාවක සිටි ඇය සහ අනෙක් අයවලුන් යුද්ධයෙන් විනාශ වූ භූමියට අත්‍යවශ්‍ය ආධාර ගෙන යෑමට උත්සාහ කළ බවයි.

“අපි ජාත්‍යන්තර මුහුදේ මානුෂීය ආධාර රැගෙන සිවිල් නෞකාවක යාත්‍රා කරන සාමකාමී ස්වේච්ඡා සේවකයන් 12 දෙනෙක්” යැයි ග්‍රේටා පැවසීය. “අපි නීති කඩ කළේ නැහැ. අපි කිසිම වරදක් කළේ නැහැ.” ඇය තවදුරටත් පැවසීය.

එක්සත් රාජධානියේ ධජය සහිත එම මැඩ්ලීන් නෞකාව ඉකුත් සඳුදා ගාසා වෙරළට සැතපුම් 125 ක් (කිලෝමීටර් 200) ක් පමණ දුරින් ඊශ්‍රායල බලධාරීන් විසින් අල්ලා ගන්නා ලද බව ගමන සංවිධානය කළ ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධානය පවසයි.

එම අවස්ථාවේදී එය අෂ්ඩෝඩ් වරායට ඇදගෙන යන ලද අතර, එහිදී ප්‍රංශ මහජන එක්සත් පෙරමුණේ රීමා හසන් ද ඇතුළත් කාර්ය මණ්ඩලය පොලිස් භාරයට ගන්නා ලදී. සමහරු ඊශ්‍රායලයේ රැඳී සිටින අතර, ඔවුන් පිටුවහල් කිරීමේ නඩු විභාගවලට මුහුණ දෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...