විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තම විරෝධය පෙන්වමින් අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යාමට තීරණය කළ බව වාර්තා වේ.

ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට කතානායකවරයා ඉඩ නොදීමෙන් , කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් එම රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමට උත්සහ දැරූ අවස්ථාවේදී කතානායකවරයා ඊට අවස්ථාව ලබා නුදුන් බව වාර්තා වේ.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී කතානායකවරයාගෙන් ඊට අවස්ථාව හිමි වී නොමැත.

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බව වාර්තා වේ.

පසුව යළි නැඟී සිටි විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් නැවතත් අදහස් දැක්වූ අතර , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ඊට මැදිහත්වූ බව සඳහන් වේ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද ඉන් අනතුරුව අදහස් පළ කර ඇති අතර, මෙම සංවාදයෙන් අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

නමුත්, විපක්ෂය නියෝජනය කරන ඉලංකෛයි තමිල් අරුසු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ රැඳී සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...