අහ්මද්බාද් සිට ලන්ඩනයේ ගැට්වික්  බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගුයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

අද (17) දින අහ්මද්බාද් සිට ලන්ඩනයේ ගැට්වික්  බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කිරීමට එයාර් ඉන්දියා ගුවන් සේවය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අවලංගු කර තිබෙන්නේ, පසුගියදා අනතුරකට ලක්ව ජීවිත 242ක් අහිමිවූ ගුවන් ගමන වෙනුවෙන්, සැලසුම් කළ ගුවන් ගමන බව සඳහන් වන අතර, මෙම ගුවන් ගමන සඳහා ද සූදානම් කර තිබුණේ, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් වීම විශේෂත්වයකි.

අදාළ ගුවන් ගමන ඉන්දීය වේලාවෙන් පස්වරු 1.10ට අහ්මද්බාද් නුවරින් පිටත් වීමට නියමිතව තිබුණත් පසුව එය පස්වරු 3 දක්වා කල් දැමුණා. නමුත් පස්වරු 1.45  පමණ එයාර් ඉන්දියා ගුවන් සේවය, අදාළ ගුවන් ගමන අවලංගු කළ බව නිවේදනය කළේ ය.

ගුවන් ගමන අවලංගු කිරීම පිළිබඳව නිශ්චිත හේතුවක් එයාර් ගුවන් සමාගම සඳහන් කර නොතිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජුනි 12 වැනිදා අහ්මද්බාද් නුවර සිට ලන්ඩනයේ ගැට්වික් බලා ගමන් ඇරඹූ ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය අනතුරට ලක්වූ අතර ඉන් ජීවිත 240කට වැඩි ප්‍රමාණයක් අහිමි වූයේ ඉතාම ගෝකජනක ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...