හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද එක්කම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසියි -පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ‍ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් 2 ක් සකස් කිරීම වෙනුවෙන් නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම කැබිනට් අනුමැතියත් සමඟ වත්මන් රජයේ “පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5 කට පසු ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙරහැර මංගල්‍ය නිමා කරමින් දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී!

කොළඹ LNW:ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් රන්දෝලි පෙරහැරින් අනතුරුව...

අශෝක ජයතුංග e කොළම.

🍎මහ බැංකුව හා කන්ටේනර් වංචාත් පරදන මහා විදුලි හොරකම….?🍎හේතුවක්...

ඉන්දීය අගමැති පිළිගන්න චීනය සූදානමින්

කොළඹ LNW:මෙම වසරේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා...

හිරෝශිමාවේ ශෝකාන්තය: න්‍යෂ්ටික බෝම්බ හෙලා වසර 80ක් සපිරේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම...