නෝර්වීජියානු ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර හතරක සිරදඬුවම් නියම වේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
නෝර්වේහි ඔටුන්න හිමි කුමරිය මෙට්-මැරිට්ගේ පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝර්ග් හොයිබි දූෂණය සහ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් වැරදිකරු වී වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.

නිශ්චිත නොවන සෞඛ්‍ය හේතූන් මත හොයිබි තීන්දුව සඳහා අධිකරණයේ නොසිටි නමුත් වීඩියෝ සබැඳිය හරහා සැසිවාරයට එක් වී ඇති අතර ඔහු කාන්තාවන් දෙදෙනෙකු දුෂණය කිරීමේ වරදට වරදකරු වී ඇති අතර ඔහු මිට පෙර ද හිටපු පෙම්වතියක් වන නෝර්වීජියානු බලපෑම්කරු නෝරා හවුක්ලන්ඩ් අපයෝජනය කිරීම සහ තවත් සහකරුවෙකුට බරපතල ශාරීරික හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් 2024 අගෝස්තු මාසයේදී ඔස්ලෝ හි ඉහළ පෙළේ ෆ්‍රොග්නර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ විත්තිකාර නීතිඥයින් මාස 18 ක අඩු කාලයක් ඉල්ලා සිටි අතර ඔහු අභියාචනා කරන බව පවසා තිබේ.

කෙසේ නමුත්, රාජකීය පවුලේ සාමාජිකයෙකුට මෙවැනි දඬුවමක් ලැබීම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව ඇති අතර නොර්වේ අධිකරණ පද්ධතිය වැරැද්දක් කළොත් රජ පවුලක කෙනෙක් වුණත් නීතිය ඉදිරියේ දඬුවම් විඳිය යුතුමයි කියන සාධාරණ නීති පද්ධතියක පිහිටා කටයුතු කිරීම මෙමඟින් මනාව පැහැදිලි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...