ඔහුත් නොදන්නෙය ඔහු ගිය මානය ….

Date:

ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයේ හත්වෙනි වර්ෂ පූර්නය සිහිපත් කිරීම වෙනුවෙනි.

ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා මියගොස් වර්ෂ හතකි. ඔහු 88,89, කැරැල්ලේ ඉතිරිවූ එකම දේශපාලන මණ්ඩල සබිකයා විය. 94දී නැවත ජ.වි.පෙ. නිර්මාණය කිරීමේදී පැරණි ජ.වි.පෙ. ය සමඟ නව ජ.වි.පෙ. කළලය සම්බන්ද කල දේශපාලන පෙකනි වැල ඔහු විය. ඒ අනුව අළුතෙන් හැදූ නව ජ.වි.පෙ.ට නිලබාවය ලැබුනේ ඔහු හරහාය.

නමුත් ඔහු නව ජ.වි.පෙ.ය ඇරඹුවේම “ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ” යනුවෙන් ජාතිවාදී වහන්තරාවක් පොරවාගෙනය.. අත ලඟ එන ලෝක විනාශය ගැන බියවී බෙරිහන් දෙන ආගමික නිකායන් ගැන අපි දන්නෙමු.. කළුවාදේවගේ සිරිල් මැතිව්ලාගේ රට ජාතිය අනතුරේ බීතිකාවද ඒ හා සමාන භීතිකාවකි..සෝමවංශ මහතාගේ ජාතිය ගලවාගැනීමේ පෙරමුණද ඒ වර්ගයේම එකකි.. ඔහු දියසෙන් ලෙසින් ගලවා ගැනීමට ගිය ජාතිය “සිංහල බෞද්ධ ඒකීය ජාතියම” මිස අන් කවරක්වත් නොවේ..

එදා ස්වකීය නායකයා ඇතුලු සමස්ත ව්‍යාපාරයම ඝාතනය කර දැමූ මිල්ටරි බලකායකට පසු කාලයකදී උතුරට එරෙහිව බර අවි ප්‍රහාර දීම වෙනුවෙන් මතවාද හැදීමේ සිට බංකර් හදාදීම හා ස්වේච්ඡා හමුදාවල් හදාදීම දක්වා පක්ෂය මෙහෙය වීමට ඔහු විශාල වැඩ කොටසක් කරන ලද්දෙ යැයි මම සිතමි.. මෙහිදී වීරවංශ යනු ඔහුව පසුකර ගිය ඔහුගේ අංක එකේ වෙට්ට පිත්තල ගෝලයෙකි..

ඒ කෙසේ වෙතත් ප්‍රසස්ථ දේශපාලන දැක්මක් විඥානයක් නැතිකම නිසාම පක්ෂය අයාලේ ගෙනයාම නිසා ඔහු පස්සෙ කාලයකදී පක්ෂයේ නොවටිනා සුරුවමක් ලෙස පමණක් නඩත්තු වෙන්නට ඇත..අවසානයයේ පඬරැලක්සේ පක්ෂයෙන් ඉවතට විසිවී දේශපාලන අනාතයෙක් ලෙස ඉබාගාතයේ ගොස් මිය ගියේය…

මේ ඔහුට උරුම පරිදි උතුරේ ගම් බිම් වෙත කඩාවැදි හමුදාවන් විසින් ඔසවාගෙන ගිය සිංහ කොඩියෙන් ඔහුගේ දෙන (මෘතදේහ පෙට්ටිය) නූතන සිංහල බෞද්ධ ජාතිකවාදයේ න්‍යායික පියාවූ ගුණදාස අමරසේකර විසින් වසන ඡායාරූපයකි. ඊට යටින් යාන්තමට පෙනෙන්නේ වමේ රතු කොඩියයි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...