අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය පිළිබඳ හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය දා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී, අත්‍යවශ්‍ය ඖෂධ 96ක් මේ වනවිට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන බවට පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කරුණු ප්‍රකාශ වී තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ , 2022 වසරේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නව ඖෂධ වර්ග 9ක් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් නව ඖෂධ වර්ග 20ක් හඳුන්වාදීමට නියමිත බවයි . මෙලෙස නිෂ්පාදනය කරන අතිරේක ඖෂධ අපනයනය කිරීමේ හැකියාවන් පිළිබඳව සොයා බලමින් ඇතැයි ද එහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් කාරක සභාව හමුවේ පවසා ඇත .

එහිදී අවධානය යොමුවී ඇති  කරුණු වන්නේ, ඖෂධ බෙදා හැරීමේදී ඇතිවන අභියෝග, විදේශ ආධාර මගින් ඖෂධ ලබා ගැනීමේ දී ඇතිවන ගැටලු, ඖෂධවල තත්ත්ව සහතිකය, ඖෂධ මිල නියාමනය කිරීමේ අවශ්‍යතාවය, ඖෂධ හිඟය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය ඇතුළු කරුණු පිළිබඳවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...