ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි උෂ්ණත්වය හේතුවෙන් 34 දෙනෙකු මිය යයි

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාලියා දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයන් 34 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය අය සියල්ලෝම වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබුණේ 60 ට වැඩි පදිංචිකරුවන්ට දිවා කාලයේ ගෘහස්ථව රැඳී සිටින ලෙසයි.

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්ත වලට අනුව, සිකුරාදා(16) බාලියා දිස්ත්‍රික්කයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.2 (ෆැරන්හයිට් අංශක 108)ඉක්මවූ අතර මේ වන ව්ට ප්‍රාන්තයේ විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වේ.

මේ වන විට දිස්ත්‍රික්කයේ ජලය, විදුලි පංකා හෝ වායුසමීකරණ යන්ත්‍ර නොමැතිව ජනතාව පීඩාවට පත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ (BJP) උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ප්‍රකාශ කර තිබුණේ ප්‍රාන්තයේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

සටහන – සශිකලා මධුෂාණී