නීතිපතිගේ සේවා දිගුව ගැන තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් අද (18) දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව නැවතත් සලකා බැලීමට නියමිතව තිබේ.

සංජය රාජරත්නම් මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත ජුනි 27 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව සිටින අතර ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ ඒ මහතාට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම නිර්දේශය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකකදී සලකා බැලූව ද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී තිබිණි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 02.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම යෝජනාව යළි සලකා බැලීමට නියමිත ය.

මීට පෙර මෙරට ඉතිහාසයේ කිසිදු නීතිපතිවරයකුට සේවා දිගුවක් ලබාදී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...