නීතිපතිගේ සේවා දිගුව ගැන තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් අද (18) දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව නැවතත් සලකා බැලීමට නියමිතව තිබේ.

සංජය රාජරත්නම් මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත ජුනි 27 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව සිටින අතර ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ ඒ මහතාට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම නිර්දේශය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකකදී සලකා බැලූව ද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී තිබිණි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 02.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම යෝජනාව යළි සලකා බැලීමට නියමිත ය.

මීට පෙර මෙරට ඉතිහාසයේ කිසිදු නීතිපතිවරයකුට සේවා දිගුවක් ලබාදී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...