ජූනි 26වනදා දක්වා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ලබන ජූනි 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියකට අදාලව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජීප් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී මාර්ගය හරස්කර මෝටර් රථයකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබුණු අතර, ඒ එම ව්‍යාපාරිකයාගෙන් මිලදී ගත් ත්‍රිරෝද රථයක් කල්බදු අතපසු වූ රථයක් බවට අනාවරණය වීමෙන් හටගත් මතභේදයක් මුල්කරගනිමිනි.

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න නමැත්තා ඔහුගේ ජීප් රථයෙන් මෙම පැහැර ගැනීම සඳහා පැමිණ ඇති බව සීසීටීවී දර්ශන අනුව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, සිද්ධියට අදාල ව්‍යාපාරිකයා පැහැරගැනීමට හවුල් වූ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...