අධික උෂ්ණත්වය දිල්ලිය වසා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඉන්දියාවේ දිල්ලි අගනුවරට තාප තරංගවලින් අඛණ්ඩ බලපෑම් එල්ල වු 9 වන දිනය අදයි. එමෙන්ම දිල්ලි නගරයේ උෂ්ණත්ව සෙල්සියස් අංශක 40 ඉක්මවු 35 වන දිනය ලෙස ද අද දිනය සැලකෙන බව පැවසේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ,ලබන බ්‍රහස්පතින්දා වන විට වැසි ආරම්භ විය හැකි බවටයි .

අධික උෂ්ණත්වය හේතුවෙන් හෘදයාබාධ ඇති විය හැකි බැවින් වයස්ගත හා කුඩා දරුවන් පිළිබද අවදානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවඳ ස්ඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...