වානිජ බැංකු කිහිපයක ණය පොලී අනුපාතිකයන් 9% කින් පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ගෙවීගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් 9.00%ක මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate (AWPR), ඊට පෙර සතියේ පැවති 9.28% මට්ටමේ සිට 9.15% ක් දක්වා පහළ බැස ඇති බව, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය සතිය තුළ දී මහජන බැංකුව (8.88%), හැටන් නැෂනල් බැංකුව (8.92%), කොමර්ෂල් බැංකුව (8.84%), යූනියන් බැංකුව (8.89%) හා NDB බැංකුව (8.81%), සියයට 9.00 ට වඩා පහළ මට්ටමක සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් පවත්වා ගෙන ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...