වානිජ බැංකු කිහිපයක ණය පොලී අනුපාතිකයන් 9% කින් පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ගෙවීගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් 9.00%ක මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate (AWPR), ඊට පෙර සතියේ පැවති 9.28% මට්ටමේ සිට 9.15% ක් දක්වා පහළ බැස ඇති බව, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය සතිය තුළ දී මහජන බැංකුව (8.88%), හැටන් නැෂනල් බැංකුව (8.92%), කොමර්ෂල් බැංකුව (8.84%), යූනියන් බැංකුව (8.89%) හා NDB බැංකුව (8.81%), සියයට 9.00 ට වඩා පහළ මට්ටමක සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් පවත්වා ගෙන ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...