කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

Date:

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට බංගලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් රැස් කරගෙන ප්‍රබල තත්ත්වයක පසුවෙනවා.ගාලු තණතීරුව ගැන ඉවක් ඇති බංගලාදේශ කණඩායම සිව්වන ඉණිම ක්‍රීඩා කිරීමේ අභියෝගයෙන් මිදී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට දීමට තීරණය කරනු ලැබුවා.එහෙත් තරගයේ පළමු කාර්තුව වන දිවා භෝජනය වන විට බංගලාදේශයට කඩුලු 3 ක් ම අහිමි කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ ලකුණු පූවරුව 45 ක් ව තිබියදීයි.


අසිත ප්‍රනාන්දු පළමු කඩුල්ල දවා ගත් පසු,මංගල ටෙස්ට් අත්දැකීම විඳිමින් සිටින තරිඳු රත්නායක කඩුලු ත්‍රිත්වයක අවස්ථාවකට උත්සාහ කරමින් කඩුුලු දෙකක් දවා ගනු ලැබුවා.එහෙත් දිවා භෝජනයෙන් පසු සමය සම්පූර්ණයෙන් බංගලාදේශයට නතු කර ගන්නට නායක නජ්මුල් හොසෙයින් සන්ටෝ (නොදැවී 136) සහ මුෂ්ෆිකර් රහීම් (නොදැවී 105) සමත් වුණා.ලකුණු 247 ක විශාල සබඳතාවයකට යමින් සන්ටෝ සහ මුෂ්ෆිකර් තරගයේ දිවා භෝජනයෙන් පසුව ගෙවුණු කාර්තු දෙකේම වැඩි ගෞරවය බංගලාදේශය සතු කර ගන්නට සමත් වුණා.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/4kOV3HD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...