‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

Date:

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් මෙරට ධීවරයින් වෙනුවෙන් හදුන්වා දී තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව  එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන බව, එම මණ්ඩලය සඳහන් කරයි. ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබඳව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර, වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවර ජනතාවගේ මූල්‍ය තත්ත්වයට අනුව ආවරණ මට්ටම් 03කින් සමන්විතව සහ ඉතා සුළු වාරික මුදලක් යටතේ දායකවිය හැකි පරිදි මෙය සකස් කර තිබිම ව්ශේෂත්වයකි.

එයින් ධීවර කර්මාන්තයේ යෙදීමේදී හදිසි අනතුරු තත්ත්වයන් මත සිදුවන ජීවිත අහිමිවීම්, පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු ආවරණය කරමින් මෙම රක්ෂාවරණයෙන් ප්‍රතිලාභ හිමිවනු ඇති අතර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, මෙය ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...