‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

Date:

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් මෙරට ධීවරයින් වෙනුවෙන් හදුන්වා දී තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව  එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන බව, එම මණ්ඩලය සඳහන් කරයි. ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබඳව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර, වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවර ජනතාවගේ මූල්‍ය තත්ත්වයට අනුව ආවරණ මට්ටම් 03කින් සමන්විතව සහ ඉතා සුළු වාරික මුදලක් යටතේ දායකවිය හැකි පරිදි මෙය සකස් කර තිබිම ව්ශේෂත්වයකි.

එයින් ධීවර කර්මාන්තයේ යෙදීමේදී හදිසි අනතුරු තත්ත්වයන් මත සිදුවන ජීවිත අහිමිවීම්, පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු ආවරණය කරමින් මෙම රක්ෂාවරණයෙන් ප්‍රතිලාභ හිමිවනු ඇති අතර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, මෙය ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...