කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

Date:

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියට අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කරගැනීමට නොහැකි වී තිබේ.

ඒ අනුව ඔවුන් තිදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

අයථා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ව එක් එක් සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මත මුදා හරින ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කර තිබුණේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...