සටහන: සශිකලා මධුෂාණි
ජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට ඉරානයට කරන ලද අනතුරු ඇඟවීමකට අනුව ඉරානය කිසි විටෙක යටත් නොවන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිය රාජ්‍ය මාධ්‍ය හරහා නිවේදනය කර තිබේ.
මේ වන විට තහවුරු නොකළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන්ට අනුව, ජනාධිපති ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායකයා සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හමුදාව ටෙහෙරානයේ ඊශ්‍රායල ගැටුමට මැදිහත් වුවහොත් නැවත හැරවිය නොහැකි බලවත් හානියක් සිදුවනු ඇති බවයි.
ඒ අනුව, ඇමරිකාව ඊශ්‍රයලයට උදව් කරන්නේ නම් චීනය හා රුසියාව ද ඉරානයට සහය දක්වන බවට එරට රාජ්‍ය නායකයන් සඳහන් කර ඇති අතර ගැටුම මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර ට්‍රම්ප් තීරණය කරන දේ මැද පෙරදිග ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න හැඩගැස්විය හැකිය.