කොළඹ නාගරික සීමාවේ පාසල් සතියකට වැසෙයි

Date:

කොළඹ නාගරික සීමාව තුළ පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සතියකට වසා තැබීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

ජනතාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස මෙම පියවර ගත් බවයි අධ්‍යාපන බළධාරීන් පවසන්නේ.

පාසල්වලට නිවාඩු ලබා දුන්නද ඔන්ලයින් ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව තිබෙන බවද බළධාරීන් සඳහන් කරනවා.

ලබන සෙනසුරාදා (25) පැවැත්වෙන සාකච්ඡාවකදී සිදු කරන සමාලෝචනයකින් පසුව ඊළඟ සතියේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණය කිරීමට නියමිතය.

මේ වනවිට රාජ්‍ය ආයතන සඳහා සති දෙකක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති අතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිතය. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයද වසා දැමීමට අද තීරණය කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...