CID රැඳවුම් කුටිය නිරයක්ලු -උපවාසය අතනොහරින බවට සලේ යළි අවධාරණය කරලා!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.

තමන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් සුරේෂ් සලේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සුරේෂ් සලේගේ පෞද්ගලික නිතීඥවරයා ඔහුව බැලීම සඳහා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව කියවෙයි.

තමන් නැවත අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති අතර එම ස්ථානය නිරයක් බවත් සුරේෂ් සලේ ප්‍රකාශ කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමන් සමග පෞද්ගලික වෛරයක් පවතින බවත් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙයි.

එම නිස සිය උපවාසය අත්නොහරින බවයි ඔහු නීතිඥවරයාට දැනුම් දී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...