සූඩානයේ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් ළමුන්ද ඇතුළුව පුද්ගලයන් 17 දෙනෙකු මිය යයි

Date:

සුඩානයේ කාර්ටූම් අගනුවර ගුවන් ප්‍රහාරයකින් ළමුන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය(RSF) අතර සටන අප්‍රේල් මැද භාගයේ ආරම්භ වූයේ රටේ හමුදා නායකත්වය තුළ ඇති වූ දරුණු බල අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙනි.

මේ වන විට සටන් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන තහවුරු කිරීම දුෂ්කර නමුත් සිවිල් වැසියන් ඇතුළුව 3,000කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දළ වශයෙන් මිලියන 2.2 ක ජනතාවක් රට තුළ අවතැන් වී ඇති අතර මිලියන භාගයකට වැඩි පිරිසක් අසල්වැසි රටවලට පලාගොස් ඇත.

ඊයේ(17)දිනය වන විට සෞදි සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් විසින් RSF නායක මොහොමඩ් හම්දාන් “හෙමෙඩ්ටි” ඩගාලෝ සහ සුඩානයේ තථ්‍ය නායක සහ හමුදා ප්‍රධානී අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සමඟ එකඟව පැය 72 සටන් විරාමයක් නිවේදනය කර ඇති මුත් මේ වන තෙක් දිගුකාලීන විසඳුමකට දෙපාර්ශවයම එකඟ කර ගැනීමට නොහැකි වී ඇත.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...