පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා විතරක් නෙවෙයි. ගමේ පාක්ෂිකයින් ඉන්නේ රනිල් එක්කයි – ප්‍රසන්න

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රාජපක්ෂවරුන් පමණක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“පක්ෂය එකක් රට තව එකක්. නමුත් පක්ෂයක් කියන්නේ රාජපක්ෂලා විතරක්ම නෙවෙයි. අනික රාජපක්ෂ විරෝධය තියෙන්නේ අලුත් පරපුර තුළ කියලා අපි පක්ෂයක් ලෙස හදුනා ගෙන තිබෙනවා.

පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුනා. එතන ගම්මට්ටමේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තීරණය කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න ගත්ත තීන්දුව හොඳ තීන්දුවක් කියලා. ඒක වසරක් ඇතුළත පෙන්වා තිබෙනවා.

ඉතිං පක්ෂයක් කියන්නේ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයන් කටයුතු කරන්නේ”

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...