*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අඟේ ඉඳන් කන කන බැසිල්ගේ දේශපාලන තියරිය – රටේ රාළ

පහුගිය දවස්වල දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණේ රනිල් – පොහොට්ටු ගැටුම.ගැටුමත් යම් තරමකට උත්සන්න වෙලා තිබුණා.ගැටුමට ආසන්නම හේතුව උනේ රනිල් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පොහොට්ටුවේ මන්ත්‍රීලා කැඳවීම.ඒ රැස්විමට සහභාගී වෙලා තිබුණේ කැබිනට් ඇමතිවරු ටිකයි රාජ්‍ය ඇමතිලා ටිකයි විතරයි.ඇමතිකම් නැති පොහොට්ටුවේ දිස්ත්‍රික්ක නායකයෝ ඇවිත් හිටියේ නෑ වගේම මහින්දයි.නාමලුයි ඇවිත් හිටියෙත් නෑ.

පොහොට්ටුවේ තර්කය උනේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම කැදවනවා නම් එක කරන්න ඕනි පොහොට්ටුව හරහා කියලයි. දේශපාලන කරුණු සාකච්ඡා කරනවා නම් කලින් පොහොට්ටුවේ නායකයොත් එක්ක එකඟතාවයකට එන්න ඕනි කියලයි.ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නාමල්ට පණිවිඩය දුන්න නිළධාරියාටත් නාමල් එහෙම කියලා තිබුණා. පස්සේ මේක ලොකු ගැටුමක් බවට පත් කළේ සනත් නිශාන්ත සහ නිමල් ලන්සා දෙන්නා.සනත් නිශාන්ත රාජපක්ෂලා වෙනුවෙනුත් ලන්සා රනිල් වෙනුවෙනුත් දෙපැත්තට පහරදීගන්න පටන් ගත්තා.සනත් නිශාන්ත කිව්වේ අපි හදපු ජනාධිපති පක්ෂයේ ජේෂ්ඨයන් නොසලකා හරිනවා නම් ඒ ආණ්ඩුව ඇතුලේ ඉන්න එක ගැන හිතන්න වෙනවා වගේ කතාවක්. ලන්සා කිව්වේ නාමල්ගේ කණ්ඩායම ගියත් ආණ්ඩුව වැටෙන්නේ නෑ කියලයි.ඔය රන්ඩුවත් එක්ක පොහොට්ටුව ආණ්ඩුව දෙන සහයෝගය අයින් කර ගනී වගේ කතාවකුත් ගියා.

එතකොට රනිල් පාර්ලිමේන්තුව විසුරවයි කියන කතාවත් ගියා.ඒ වගේම රනිල් සහ සජිත් අතර එකඟතාවයක් හැදෙයි කියන සාකච්ඡාවකුත් තිබුණා.පත්තරවල, වෙබ් අඩවිවල,යූටියුබ් චැනල්වල එන්නේ ජනාධිපතිවරණයක් නෙවෙයි මහ මැතිවරණය කියලා සිරස්තල පල වෙන්නත් පටන් ගත්තා.ඔය වගේ තත්වයක් යටතේ තමයි පසුගිය 14 වෙනිදා රනිල් බැසිල් ප්‍රධාන පොහොට්ටුවේ හමුව සිද්ධ වෙන්නේ.ඇත්තටම එතනදී රනිල්ට සහ බැසිල්ට බේරගන්න ගොඩක් දේවල් තිබුණා.හැබැයි ඉතින් ජනාධිපතිවරයා විසින් ගෙනයන වැඩපිළිවෙළට තවදුරටත් පුර්ණ සහය දෙනවා කියලා බැසිල් වැඩේ අවසන් කළා.එතනදී පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම එකතු කරනවා නම් පොහොට්ටුවේ නායකයන් හරහා දැනුවත් කරන්න කියන එකඟතාවය ඇතිවෙලා තියනවා.හැබැයි ඉතින් ඔය එකඟතාවය හදාගන්න නං ඔච්චර ලොකු අඩව්වක් අල්ලන්න ඕනි නැනේ.බැසිල් කෙලින්ම රනිල්ට කතා කරලා කිව්වා නං ඉවරයිනේ.

මොකද රනිල් ගත්ත ගමන් බැසිල්ට answer කරනවා කියලා බැසිල්මනේ කිව්වේ.දිනේෂ් busy උනාට රනිල් busy නෑනේ.ඇත්තටම රනිල් කරලා තියෙන්නේ බැසිල්ලා ආණ්ඩු කරන කාලේ සන්ධානයේ අනිත් පක්ෂවලට කරපු වැඩේම තමයි. එදා මන්ත්‍රීලා කැදෙව්ව විදිහත් ඕක තමයි.ඒ වැරදි වැඩේ හුරුකලේ බැසිල්ලාම තමයි.එක්සත් ජනතා නිදහස් සංධානය ඇතුලේ වගේ පොදුජන පෙරමුණ ඇතුලෙත් බැසිල්ලා කළේ එහෙමයි. සන්ධනයේ හිටපු පක්ෂවල නායකයන්ට හොරෙන් බැසිල්ලා ඒ පක්ෂවල හිටපු මන්ත්‍රීවරු නඩත්තු කළා.නඩත්තු කළා විතරක් නෙවෙයි අවස්ථාව ආපු ගමන් ඒ මන්ත්‍රීලා ඉස්සුවා.මොනවද ඉතින් ගෝඨාභය ගොඩදාන්න සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කතා කරන්න ආපු ශ්‍රිලනිප සෙට් එකේ මන්ත්‍රීලා දෙන්නෙක් එදාම බැසිල්ලා ඉස්සුවානේ.දැන් ඒ වැඩේම රනිල් පොහොට්ටුවට කරනවා.රනිල් පොහොට්ටුවේ පිරිසක් ගලවගෙන තියනවා. දැන් රනිල් පාර්ශවයක් පොහොට්ටුව ඇතුලේ තියනවා.

ඊට අමතරව පොහොට්ටුවේ මන්ත්‍රීලා ඩිරෙක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සම්බන්ධකරණය කරනවා.මෙතනදී කැබිනට් ඇමති වරු සහ රාජ්‍ය ඇමතිවරු රනිල් එක්ක සම්බන්ධ වෙන එක නවත්තන්න පොහොට්ටුවට බෑ. කොහොමත් රනිල්ට ඒක කරන්න පුළුවන්. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම කැදවීමත් රනිල් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගන්න හදනවාත් එක්ක තමයි රාජපක්ෂලාට මල පැනලා තියෙන්නේ.ඇත්තටම ඒ තියෙන්නේ බය.තමන් කරපු වැඩේම රනිල් කරනකොට ඇතිවෙන බය.බැසිල්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීලා.පොහොට්ටුවේ කියලා ඉතිරි වෙලා ඉන්න හාල් කෑලි දෙකතුනත් රනිල් අහුලගන්න හදනකොට රාජපක්ෂලාට තද වෙන්නේ නැද්ද?රාජපක්ෂලාගේ පැත්තෙන් හිතුවොත් ඒ තදවීම සාධාරණයි. බැසිල් තමන්ගේ ගෝල බාලයන්ට ඇමතිකම් ඉල්ලුවා ඒක දුන්නෙත් නෑ.බැසිල්ලා දාපු ආණ්ඩුකාරවරු අයින් කරමින් රනිල් තමන්ට ඕනි කට්ටිය දානවා.

ඊළගට සමහර රාජ්‍ය ආයතනවලට දාපු රාජපක්ෂලාගේ හෙන්චයියන් අයින් කරනවා.ඒ පැත්තෙන් බැලුවම බැසිල්ට ලොකු ප්‍රශ්න ටිකක් රනිල් එක්ක බේරගන්න තියනවා.ඒ ඔක්කොමත් තියාගෙන තමයි අන්තිමට බැසිල් කිව්වේ ජනාධිපතිගේ වැඩපිලිවෙලට පුර්ණ සහය දෙනවා කියලා.මෙච්චර ප්‍රශ්න තියාගෙන බැසිල් එහෙම කිව්වේ ඇයි?කාටහරි හිතෙයි රට ගැන හිතලා බැසිල් එහෙම කිව්වද කියලා.මරාගෙන මැරෙන සයිස් එකට යයි කියලා හිතපු වලිය එච්චර ඉක්මනට සමනය උනේ කොහොමද?ඇත්තටම බැසිල්ලා එතෙන්ට එනකොටම රනිල් වැඩේ තලාගෙන ඉවරයි.රනිල් එතකොට ආණ්ඩුව විසිරවීමේ කතාව plant කරලා ඉවරයි.මොකද ආණ්ඩුව විසුරවන කතාව පොහොට්ටුවට මාරාන්තික එකක්.පොහොට්ටුවට විතරයක් නෙවෙයි පොහොට්ටුවෙන් ගැලවිලා ස්වාධීන වෙලා ඉන්න ඩලස්ලට,විමල්ලට පවා ඒක මරාන්තිකයි.ඡන්දයකට ගියොත් ඔය අයගෙන් ගොඩක් දෙනෙකුට ඇඩ්රස් නැතිවෙනවා.

ඡන්දයකට යෑමෙන් යම් හෝ වාසියක් තියෙන්නේ ජවිපෙට සහ සජබයට විතරයි.ශ්‍රිලනිපයටත් මේ වෙලාවේ ඡන්දයකට යන එක අවාසියි.ඒක හින්දයි ඩලස්ලා සජිත්ට ජැක් එක ගහගෙන ඉන්නේ. තවම විමල්ලට ජැක් එක ගහගන්න තැනක් හම්බවෙලත් නෑ. ඊළගට මේ වෙලාවේ මහ මැතිවරණකට යන එක රනිල්ටත් අවාසියි.රනිල්ට වාසිය තියෙන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිවරණයට යන එකයි.මහ මැතිවරණයකට ගියොත් ඇතිවෙන තත්වයත් එක්ක රනිල්ට 2024 අපේක්ෂක ධූරය නැති වෙන්නත් පුළුවන්.ඒ වගේම අලුත් පාර්ලිමේන්තුවෙන් රනිල්ට දෝෂාභියෝගක් එන්න උනත් බැරි නෑ.හැබැයි රනිල් පාර්ලේමේන්තුව විසිරෙව්වොත් රනිල්ට වඩා ඉක්මනට පොහොට්ටුව අමාරුවේ වැටෙනවා.රනිල් අමාරුවේ වැටෙන්න පස්සේ.ඊට ඉස්සෙල්ලා බැසිල් ඇතුළු රාජපක්ෂලා අමාරුවේ වැටෙනවා.ඒක නිසා පොහොට්ටුවේ අති බහුතරය ඡන්දයකට කැමති නෑ.ඊළගට අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු අයට පැන්ෂන් එකත් නැතිව තමයි යන්න වෙන්නේ.

ඒවා මතක් වෙනකොට එයාලගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.ඒක නිසා ඔය මොන සද්ද දාගෙන ආවත් අවසානයේ පොහොට්ටුවට රනිල් ඉස්සරහා දණ ගන්න වෙනවා. ඇත්තටම පොහොට්ටුකාරයෝ ගොඩක් දැන් රනිල් ඉස්සරහා දණ ගහලා ඉවරයි.තවමත් අකීකරු රාජපක්ෂලා විතරයි.ඇත්තටම සනත් නිශාන්ත පව්.මිනිහා රාජපක්ෂලාගේ ලණු කාලා කට ඉස්සර කරගත්තා.බැසිල් අන්තිමට ගිහින් රනිල්ව ශේප් කරගත්තා. පොහොට්ටුවේ සහ රනිල්ගේ ගැටුම හරියට පොඩිකාලේ අපි අහපු අලියගෙයි ඇතාගෙයි රන්ඩුව වගේ.දෙන්නට දෙන්නා බයයි. අලියා බයයි ඇතා දලෙන් අනී කියලා.ඇතා බයයි අලියා දල දෙක කඩයි කියල. ඒක නිසා මේ අලි ඇත් සටනේ ගොඩක් වෙලාවට තියෙන්නෙත් ගෙරවිලි විතරයි.තව අවුරුදු එක හමාරක් ඔය නාටකය බලා ඉන්න අපිට සිද්ධ වෙනවා.මේ පාර්ලිමේන්තුව විසුරවන්නේ කවුරු උනත් ඒ 2024 ජනාධිපතිවරණයෙන් පත්වෙන ජනාධිපති.

ඒ අවුරුදු එක හමාරක කාලය පුරාම බැසිල්ට රාජකාරියක් තියනවා.ඒ රනිල්ගේ අඟේ ඉදන් කන කෑමේ රාජකාරිය.ඒක රනිල්ටත් නොතේරෙනවා වෙන්න බෑ.බැසිල් කරන්නේ රනිල්ගේ රැකවරණය යටතේ ඉන්න ගමන් පොහොට්ටුව ඇතුලේ රනිල් විරෝධයක් නඩත්තු කරන එකයි. බැසිල් සහයදීමයි විරෝධයයි දෙකම එකට කරනවා.බැසිල් ඒ වැඩේට දක්ෂයි.මොකද බැසිල් දන්නවා මේ වෙලාවේ රාජපක්ෂලාට තියන එකම රැකවරණය රනිල් කියලා.රනිල්ගෙන් ඈත්වෙන පලවෙනි මොහොතේම රාජපක්ෂලා කොටු වෙනවා.ජනතාවට නිරාවරණය වෙනවා.ඒක නිසා මොන සද්ද දාගෙන ආවත් අවසානයේ දණ ගහනවා.ඊළගට බැසිල්,රනිල් විරෝධය නඩත්තු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඕනි වෙලාවක රනිල් දාලා මාරු වෙන්න.තවත් බලය හැදෙන තැනක් තියනවා නම් එතෙන්ට යන්න. නැත්තං ආයෙත් අවස්ථාවක් ආවොත් රනිල්ට ගහලා උඩට එන්න.මොකද බලය තියන පැත්තේ හිටියේ නැත්තං රාජපක්ෂලා ඉවරයි.

අඩුම ගානේ බලය තියන පැත්තත් එක්ක ඩීල් එකක් හරි දාගන්න පුළුවන් වෙන්න ඕනි.ඒක තමයි බැසිල්ගේ දිව දෙකේ කබර තියරිය. රනිල් මේක නොදන්නවා වෙන්න බෑ.රනිලුත් කරන්නේ රාජපක්ෂලා මොනවා කිව්වත් රනිල්ට ඕනිදේ කරන එකයි.මොකද රනිල් දන්නවා කොච්චර උඩ පැනගෙන ආවත් රාජපක්ෂලා අන්තිමට ශේප් වෙනවා කියලා.රනිල් ඒ බැලන්ස් කිරීම කරලා කට්ටිය ගෙදර යවනවා.මේ ගැටුම ඇතුලේම සමනයවීමත් ලිවිලා තියනවා.ඒක දැනගෙන රනිලුත් නොදන්නවා වගේ ඉන්නවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan