සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):
2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2021 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 959,391ක්.
ජුනි මාසයේ පළමු දින 17 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.3% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 17,102ක වන බව පැවසේ
.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 5,070 ක්, චීනයෙන් 4,381 ක් සහ මාලදිවයිනෙන් 3,657 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ.