ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව සිටියදී, ඒ පිළිබඳව ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු අන්තර්ජාලයට මුදාහැර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරේ.

ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බවත් එම සාකච්ඡාව විවිධ මාධ්‍ය හරහා සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවත් CID නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් CID නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ විමර්ශනය සිදුකරන ලෙසත් එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...