මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව යන පළාත් පාලන ආයතන දෙකේම බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් විය. ඒ සජබ නාගරික මන්ත්‍රීවරුන්ගේම දුර්වල ක්‍රියාකලාපය හේතුවෙනි. විශේෂයෙන් කොලොන්නාවේ නගරාධිපති ධුරය ජාජබට හිමිවූයේ සජබ මන්ත්‍රීවරයකුගේ ද සහාය ඇතිව ය.

මෙම තත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් අතර ගැටුමක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර කොළඹ මුස්ලිම් ඡන්ද පදනම සම්බන්ධයෙන් තරගයක නියැළී සිටින දෙදෙනෙකි. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ මෙහෙයුම මුජිබර් යටතේ සිදුකෙරුණු අතර කොල්ලොන්නාවේ මෙහෙයුම සිදුකෙරුණේ මරික්කාර්ගේ ප්‍රධානත්වයෙනි. කොළඹ මෙහෙයුමට තමන්ව සම්බන්ධ කර නොගැනීම පිළිබඳව මරික්කාර් මන්ත්‍රීවරයා විවෘතවම මාධ්‍ය ඉදිරියේ සිය අප්‍රසාදය පළකරන ආකාරය ද පසුගිය දිනවල දැකගත හැකිවිය.

මේ මෙහෙයුම් දෙකේදීම තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර පෙරටු කරගෙන මුජිබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් එකිනෙකාට එදිරිව කටයුතු කිරීම හේතුවෙන් සජබට අතේ තිබුණු ජයග්‍රහණ දෙකක් අහිමි වූ බවට පක්ෂ අභ්‍යන්තරයෙන්ම විවේචනයක් එල්ල වී ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...