බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

Date:

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සහ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය ස්ථාපිත කිරීමට සමඟි ජන බලවේගයට හැකිව තිබේ.

අද (19) දින සභාවල සභාපති තෝරාපත් කරගැනීමේ ජන්ද විමසීම් වලදී එම ජයග්‍රහණයන් තහවුරු කරගත් බවයි සමඟි ජන බලවේගය නිවේදනය කරන්නේ.

ඒ අනුව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කමල් විශ්වනාත් මහතා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව ඇත.

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජනායක මහතා සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝපා සභාපති පුටුවට රවී ??

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා...

චිචීගේ රොකට් එකට රජයේ මුදල් යොදවා නෑ. එයින් රටට වාර්ෂිකව කෝටි සිය ගණනින් ආදායම් ලැබිලා – අගමැති හරිනි

චිචීගේ රොකට් එක නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන...

චීන ගිම්හාන සමය උණුසුම් කළ සිනමාපටය!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන...

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර...