වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

Date:

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ආනයනය කරන ලද භාවිතා කළ වාහන සඳහා 15%ක බදු අඩුකිරීමක් හේතුවෙන් දින තුනකට රු මිලියන 257ක පාඩුවක් සිදුව ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මැයි 21,22, 23 යන දිනයන්හිදී ගෙන්වන ලද වාහන අතුරින් අහඹු ලෙස ගත් වාහන නියැදියෙන් මෙම පාඩුව වාර්තා වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර ආනයනය කර තිබෙන භාවිතා කරන ලද වාහන 194න් 171ක් කිලෝ මීටර 1000ට අඩුවෙන් භාවිතා කරන ලද ඒවා බවත් මෙලෙස දින තුනකට අදාළව ගෙන්වන ලද වාහනවලින් 15%ක් අඩු කිරීමෙන් රජයට සිදුව ඇති පාඩුව බරපතල හෙයින් මේ ගැන නැවත සලකා බලමින් සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රජයේ මුදල කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...

සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?

කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...