වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

Date:

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ආනයනය කරන ලද භාවිතා කළ වාහන සඳහා 15%ක බදු අඩුකිරීමක් හේතුවෙන් දින තුනකට රු මිලියන 257ක පාඩුවක් සිදුව ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මැයි 21,22, 23 යන දිනයන්හිදී ගෙන්වන ලද වාහන අතුරින් අහඹු ලෙස ගත් වාහන නියැදියෙන් මෙම පාඩුව වාර්තා වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර ආනයනය කර තිබෙන භාවිතා කරන ලද වාහන 194න් 171ක් කිලෝ මීටර 1000ට අඩුවෙන් භාවිතා කරන ලද ඒවා බවත් මෙලෙස දින තුනකට අදාළව ගෙන්වන ලද වාහනවලින් 15%ක් අඩු කිරීමෙන් රජයට සිදුව ඇති පාඩුව බරපතල හෙයින් මේ ගැන නැවත සලකා බලමින් සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රජයේ මුදල කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...