දුක් විඳින ලක්ෂ 220ක් ජනතාවගේ නාමයෙන් විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් !

Date:

විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ත්‍රීවිල් රථ රියදුරන් වෙනුවෙනුත්, වාහනවල දුක් විඳින ජනතාව වෙනුවෙනුත්, කුසගින්නේ පෝලිම් වල සිටින ජනතාව වෙනුවෙනුත්, පෝලිම්වල මියගිය අහිංසක මිනිසුන් වෙනුවෙනුත්, දුම්රියේ ගමන් කරමින් සිටියදී ඇද වැටී මියගිය අහිංසක තරුණයා වෙනුවෙනුත් ආණ්ඩුවට බලකර සිටින්නේ මේ දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන ලෙස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෝලිම්වල දුක් විඳින ජනතාවගේ වේදනාව සහ පීඩනය නොතේරෙන පාලකයින්ගේ ගමන වහා නවතා දැමිය යුතු බව ද බවයි ඒ මහතා අවධාරණය කළේ.

නිවසේ කුසගින්නෙන් හඬන දරුවන්ට ආහාර ටිකක් දීමට නොහැකිව දුක් විඳින දෙමව්පියන් වෙනුවෙන් ද, පාසල් සහ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය අහිමි වී බලාපොරොත්තු සුන් වී සිටින දරු පරපුරේ නාමයෙන් ද, මේ රටේ ස්ථාවර කරන්නට ඉඩ ලබා දෙන්නැයි ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට පීඩනය අපේක්ෂා භංගත්වය සහ දුක් වේදනාවන් උරුම කළ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන්ගේ අසමත්කම සහ නොහැකියාව බව ද විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

වැඩ බැරි, වැඩ නොදන්නා ආණ්ඩුව මොහොතින් මොහොත සිදුකරන්නේ ජනතාවගෙන් පලිගැනීමත් ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමත් බව පැවසූ විපක්ෂ නායකතුමා වහාම මේ ප්‍රෝඩාකාරී බොරුව නවතා දමා නව ජනවරමකට ඉඩ සලසා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...