දුක් විඳින ලක්ෂ 220ක් ජනතාවගේ නාමයෙන් විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් !

Date:

විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ත්‍රීවිල් රථ රියදුරන් වෙනුවෙනුත්, වාහනවල දුක් විඳින ජනතාව වෙනුවෙනුත්, කුසගින්නේ පෝලිම් වල සිටින ජනතාව වෙනුවෙනුත්, පෝලිම්වල මියගිය අහිංසක මිනිසුන් වෙනුවෙනුත්, දුම්රියේ ගමන් කරමින් සිටියදී ඇද වැටී මියගිය අහිංසක තරුණයා වෙනුවෙනුත් ආණ්ඩුවට බලකර සිටින්නේ මේ දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන ලෙස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෝලිම්වල දුක් විඳින ජනතාවගේ වේදනාව සහ පීඩනය නොතේරෙන පාලකයින්ගේ ගමන වහා නවතා දැමිය යුතු බව ද බවයි ඒ මහතා අවධාරණය කළේ.

නිවසේ කුසගින්නෙන් හඬන දරුවන්ට ආහාර ටිකක් දීමට නොහැකිව දුක් විඳින දෙමව්පියන් වෙනුවෙන් ද, පාසල් සහ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය අහිමි වී බලාපොරොත්තු සුන් වී සිටින දරු පරපුරේ නාමයෙන් ද, මේ රටේ ස්ථාවර කරන්නට ඉඩ ලබා දෙන්නැයි ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට පීඩනය අපේක්ෂා භංගත්වය සහ දුක් වේදනාවන් උරුම කළ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන්ගේ අසමත්කම සහ නොහැකියාව බව ද විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

වැඩ බැරි, වැඩ නොදන්නා ආණ්ඩුව මොහොතින් මොහොත සිදුකරන්නේ ජනතාවගෙන් පලිගැනීමත් ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමත් බව පැවසූ විපක්ෂ නායකතුමා වහාම මේ ප්‍රෝඩාකාරී බොරුව නවතා දමා නව ජනවරමකට ඉඩ සලසා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...