ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකරගෙන තිබෙන සාම එකඟතාව අනුව නාවික ගමනාගමනය වෙනුවෙන් හෝමූස් සමුද්ර සන්ධිය විවෘත වන නමුත් එම ගමනාගමනය ‘සාමාන්යකරණය’ කිරීමට මාස ගණනක් ගත විය හැකි බව දෙරටේ වාර්තා පෙන්වා දෙයි.
මේ වන විටත් ඇමරිකානු – ඉරාන ගිවිසුමෙන් පසු “වෙළඳපොළේ සහනයක්” ඇති වී ඇති ආකාරය දැකගැනීමට හැකිව තිබෙන අතර විශේෂයෙන් බොරතෙල් බැරලයක මිල මීට වසරකට පෙර පැවති මට්ටමට පහත බැස තිබේ.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ, ගෝලීය තෙල් හා ගෑස් සැපයුම්වලින් සියයට 20 ක් පමණ සාමාන්යයෙන් සංක්රමණය වන තීරණාත්මක ගල්ෆ් ජල මාර්ගයේ “ගමනාගමනය ඉහළ යාමක්” දැක ගැනීමට හැකිව තිබුණි.
සාමකාමී තත්ත්වය හමුවේ මේ වන විට හෝමූස් සමුද්ර සන්ධිය හරහා දිනකට නැව් 25ක් පමණ ගමන් කරන අතර එය යම් මන්දගාමී බවක් පෙන්නුම් කරන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
යුද්ධය ඇවිලීමට පෙර හෝමූස් සමුද්ර සන්ධිය හරහා දිනකට නැව් 130ක් පමණ ගමන් කර තිබුණි.
කෙසේවෙතත් පැවති යුදමය වාතාවරණය හමුවේ එහි ගමනා ගමනය සම්පූර්ණයෙන් අඩාල වූ හෙයින් නැවත යථාතත්ත්වයට පත්වීම සඳහා මාස කිහිපයක් ගත වනු ඇති බවට පුරෝකථනය කර ඇත.



