ෆොන්සේකා කන්ණාඩියෙන් දැක්කේ අනෝමාවද ?

Date:

මේ දවස්වල “වෙන්න ජනාධිපතිලා” ගොඩායි කියලා අපි කලිනුත් කිව්වා නෙ. ඒ අතරින් ජනාධිපති උණ හොඳටම හැදිලා ඉන්න කෙනෙක් තමයි හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා.

පහුගිය දවසක මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් සරත් ෆොන්සේකා මහතා කියලා තිබුණෙ රාජ්‍ය නායකත්වයට සුදුසු කෙනෙක් එයාට එයාගෙ නිදන කාමරයේ කන්ණාඩිය ඉස්සරට ගියාම පේනවා කියලායි.

පොඩ්ඩැත්තන් අසූ හාරදාහට කේන්ති යන, කේන්ති ගියාම තමන් ඉන්නෙ කොතැනද කරන්නෙ කියන්නෙ මොනවද කියලා අමතක වෙන පුද්ගලයෙක් රටේ රාජ්‍ය නායකත්වයට කොහෙත්ම හරියන්නෙ නෑනෙ.

වෙන එකක් තියා තමන්ගෙම පක්ෂයේ සංවත්සර උත්සවයකදී හැමෝම ඉස්සරහා ඒ උත්සවයේ සංවිධායකයා වුණු හරීන් ප්‍රනාන්දුගේ සරම කඩන්න හදපු පක්ෂ සභාපති කෙනෙක් කොහොමත් රාජ්‍ය නායකත්වයට තියා පක්ෂ දේශපාලනයටවත් හරියන්නෙ නෑ. හරීන්ලාගෙ දේශපාලනය ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒත් ප්‍රසිද්ධ සභාවක් ඉස්සරහා තවත් මිනිහෙක්ගෙ සරමෙන් ඇදලා ඒක කඩන්න හදන්නෙ නෑනෙ සිහියක් පතක් හෝ අවම සදාචාරයක් ගෑවිලාවත් තියෙන මිනිහෙක් …

ඒක නිසා සරත් ෆොන්සේකා ඒ කියන විදියට කන්ණාඩියෙන් දැකපු රාජ්‍ය නායකත්වයට සුදුසු කෙනා එයාම නම් වෙන්න බෑ. සමහර විට එයා දැක්කේ තමන්ගෙ බිරිඳ අනෝමා ෆොන්සේකාද දන්නෙත් නෑ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...