ඊශ්‍රායල් අගමැති ‌නෙතන්යාහු බටහිර ඉවුරේ නීතීවිරෝධී ලෙස ජනාවාස ඉදිකිරීමට සැළසේ

Date:

ඊශ්‍රායලයේ සභාග ආණ්ඩුව වසර 27ක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාමාර්ග මග හරිමින් නීතිවිරෝධී ලෙස බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීම කඩිනම් කිරීමට අන්ත දක්ෂිණාංශික මුදල් අමාත්‍ය Bezalel Smotrichට පුලුල් බලතල ලබා දී ඇති බව වාර්තා වේ.

මෙහිදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු කැබිනට් මණ්ඩලයේ පියවර අනුමත කළ අතර, ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී යැයි සැලකෙන ජනාවාස අදියර 6ක් යටතේ නිවාස ඒකක 4,560 ක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී මුලද් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ජනාවාස ව්‍යාපෘතිය දිගටම කරගෙන යන අතර ඊශ්‍රායල භූමියේ පාලනය ශක්තිමත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් විවිධ විචාරකයන් කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර මෙය පලස්තීනුවන්ට ඇදහිය නොහැකි තරම් භයානක තත්වයක් විය හැකි බවත්, මුළු බටහිර ඉවුර ඉක්මනින්ම ඊශ්‍රායල පාලනය යටතට පත් විය හැකි බවටත් පුරෝකතන ඉදිරිපත් කර තිබේ.

සටහන – සශිකලා මධුෂාණී


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...