කොළඹ නාගරික ප්‍රදේශයේ තියෙන ඉතා වටිනා ඉඩමක් විකිණීමේ තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට යාබඳව පිහිටා තිබෙන ඉහළ නාගරික වටිනාකමකින් යුත් අක්කර 17 රූට් 2 පර්චස් 17ක වපසරියකින් යුක්ත ඉඩමක් , රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප්, හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා  විකුණා දැමීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා සඳහන් කර තිබේ.

එහි වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බවත්  ඒ මහතා පවසයි .

“මේ ඉඩමේ වර්තමාන වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙනවා රුපියල් බිලියන 9 – 10ත් අතර ප්‍රමාණයක්. මේ ඉඩම කොළඹ නාගරික ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා ඉඩමක්. මෙහි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී ඉදිකෙරෙමින් තිබුණු දෙමහල් ගොඩනැගිල්ලකුත් තියෙනවා. නමුත් පසුගිය යහපාලන රජය සමයේ දී එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ වවතා දැමීම නිසා දැන් විනාශයට පත්වෙලා තියෙනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉදිකරලා තිබුණා නම් මේ ඉඩමේ වටිනාකම තවත් ඉහළ යනවා.

අපි මේ සඳහා දාපු කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමත කළත් වර්තමානයේ සිටින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව අපට දන්වා සිටියා. මේ තත්ත්වය අපට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේ සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මැදිහත් වීමෙන් පසුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ආයතනය මුදල් අමාත්‍යාංශය වෙත පවරා ගත්තා. එය ඉදිරි කටයුතු සඳහා ඉතාම පහසුවක් වේවි.”

නීතිඥ කළුපහන මහතා තවදුරටත්  පැවසූවේ
උද්ගතව ඇති මෙම ගැටලුව සාකච්ඡා කර විසඳා ගැනීමට අද (19) වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?