*
Monday, October 7, 2024
spot_img

Latest Posts

බවර් සමාගමේ ස්විස් හෝටල් කළමනාකරණ පාසල, CIPM හා එක්ව ශ්‍රී ලංකාව තුළ පළමු ද්විත්ව සහතික පාඨමාලාව හඳුන්වාදෙයි

බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා, CIPM ප්‍රධාන විධායක නිලධාරී යූ.ඒ.සී. ඔබේසේකර මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. (වමේ සිට දකුණට) CIPM උප සභාපති ප්‍රියන්ත රණසිංහ, සභාපති කෙන් විජයකුමාර්, බවර්හි මූල්‍ය හා අනුකූලතා අධ්‍යක්ෂ පවිත්‍ර සමරසිංහ සහ SHMA ඇකඩමියේ පීඨාධිපති ඩැනියෙලා මුණසිංහ යන මහත්ම මහත්මීහු ද මෙහි දක්නට වෙති.

බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy-SHMA), මෙරට මානව සම්පත් වෘත්තිකයන් බිහිකිරීමට දායකවන ප්‍රමුඛතම ජාතික වෘත්තීය ආයතනයවන ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. මෙරට ආගන්තුක සත්කාර අංශය සඳහා ආයතන දෙකෙහිම දායකත්වය රැගත් වැඩසටහනක් හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීම එහි අරමුණ විය.

CIPM මගින් ශ්‍රී ලංකාව තුළ වඩාත් විශේෂිත මානව සම්පත් අධ්‍යාපනයක් ලබා දීමට පියවර ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වන අතර එමඟින් කෙනෙකුට ගැඹුරු සහ ප්‍රායෝගික අත්දැකීමක් සමීප කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ආගන්තුක සත්කාර කර්මාන්තයේ නිපුණතා හිඟයක් පවතින මෙම වකවානුවේදී, මෙම හවුල්කාරිත්වය මතුවීම අතිශය කාලෝචිත මුලපිරීමකි. ඒ හරහා රැකියා අවස්ථා, විශේෂීකරණය සහ දැනුම ඉහළ නැංවීම සඳහා වැඩි ප්‍රවේශයක් ලබාගත හැකි වේ.

 ශ්‍රී ලංකාව තුළ ආධුනිකත්ව පුහුණු වැඩසටහනක් හඳුන්වාදුන් පළමු ආගන්තුක සත්කාර කළමනාකරණ ඇකඩමිය වන්නේ ද SHMA ආයතනය යි. ඉගෙනුම සහ ඉපැයුම (learn and earn) ප්‍රවේශය යටතේ ඉගැන්වීම් සිදුකරන එහිදී සතියේ දින දෙකක් තුළ පමණක් පන්ති කාමරය ආශ්‍රිත ඉගැන්වීම් සිදුකෙරෙන අතර සෙසු දිනවලදී, ප්‍රසිද්ධ තරු හෝටල්වලදී ප්‍රායෝගික පුහුණුවක් පිරිනැමේ. ඒ හරහා ඉගෙනුම ලබන අතරේදීම රැකියා අත්දැකීම් ලබාගැනීමටත්, සේවා ස්ථානවලට තම සේවකයින්ගේ කුසලතා ඉහළ නංවාගැනීමටත් අවස්ථාව සැලසේ.

මේ වසරේ ජූලි මාසයේ ඇරඹෙන මෙම පාඨමාලාවත් සමඟ සිසුන්ට EHL Hotel Professional Diploma සහතිකය මෙන්ම CIPM ආයතනය මගින් හිමිවන සහතිකය ද ලබාගැනීමේ අවස්ථාව උදාවේ.  ලොව හොඳම ආගන්තුක සත්කාර සේවා විශ්ව විද්‍යාලය ලෙස ප්‍රකට Ecole hôtelière de Lausanne හි අනුමැතිය ලත් පාඨමාලා පිරිනැමීමේ ප්‍රතීතනය SHMA සතුය.

SHMA සහ CIPM ආයතන ද්විත්වයම ඒ ඒ ක්ෂේත්‍රයන්හි නම් දැරූ ප්‍රකට ආයතන බැවින් සිසුන්ට සහ වෘත්තීකයින්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් මෙන්ම නවතම දැනුම ද ලබාගැනීමට අවස්ථාව උදාවේ.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට බවර් සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර්, මූල්‍ය අධ්‍යක්ෂ පවිත්‍ර සමරසිංහ, SHMA හි පීඨාධිපති ඩැනියෙලා මුණසිංහ සහ එහි කළමනාකාරිණී සුරේකා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. CIPM ආයතනය නියෝජනය කරමින් එහි සභාපති කෙන් විජයකුමාර්, උප සභාපති ප්‍රියන්ත රණසිංහ, ගරු භාණ්ඩාගාරික කර්නල් සමන් ජයවික්‍රම, ප්‍රධාන විධායක නිලධාරී යූ.ඒ.සී. ඔබේසේකර, වෘත්තීය සහ අධ්‍යයන සබඳතා අධ්‍යක්ෂ ජී. වීරතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ හිමාලි දසනායක සහ සෙසු කවුන්සිල සාමාජිකයෝ සහ කාර්යමණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.

 ශ්‍රී ලංකාවේ මානව සම්පත් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛයෙකු මෙන්ම ඉහළම පිළිගැනීම හිමි වෘත්තීය ආයතන දේහයවන CIPM ආයතනය, ආසියානු පැසිෆික් මානව සම්පත් කළමනාකරණ සංසදයේ සහ ගෝලීය පුද්ගල කළමනාකරණ සංගම් සංසදයේ සාමාජිකත්වය දරයි. ශ්‍රී ලංකාව තුළ මානව සම්පත් කළමනාකරණ  වෘත්තීය සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එම ආයතනය උරදී සිටියි. සෑම වසරකදීම සිසුන් 8,000ක් පමණ විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා එම ආයතනය වෙත යොමුවේ. CIPM මගින් පිරිනමන ප්‍රමුඛතම අධ්‍යයන පාඨමාලාව ලෙස CIPD UK අනුමැතිය ලත් මානව සම්පත් කළමනාකරණ වරලත් සුදුසුකම සරලකිය හැක.

ආගන්තුක සත්කාර සේවා වෘත්තීකයින් බිහිකරන ලොව ප්‍රමුඛතම රට බබට ශ්‍රී ලංකාව පත්කිරීම උදෙසා ඒ හා සම්බන්ධ අධ්‍යාපනය නැංවීමට SHMA ආයතනය කැපවී ක්‍රියාකරයි. සංවර්ධනය සහ සහයෝගීතාව සඳහාවන ස්විස් සංවිධානය හා එක්ව SHMA ආයතනය දියත්කර ඇති තිරසර වර්ධන ව්‍යාපෘතිය ද එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපකාරී වෙයි. මෑතකදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ නෙස්ලේ ලංකා ආයතනය සමඟ ද SHMA සහයෝගීතා ඇතිකරගැනීමට යෙදුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan