මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තුන් දෙනා තවදුරටත් රිමාන්ඩ්!

0
572

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්‍ෂ 40 කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියෝග කළ බව වාර්තා වේ.

අල්ලස් කොමිසම පවසන්නේ, බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවයි.