බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

Date:

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 

මේ දිනවල ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් හේතුවෙන් රටවල් කිහිපයක් සිය රටවැසියන් ආපසු තම රට වෙත කැඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර, ඒ අතරට ඉන්දියාව, ජපානය, චෙක් ජනරජය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත් වන බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාව, ඉරානයේ සිටි සිය රටවැසියන් 1,500ක් සහ ඊශ්‍රායලයේ සිටි 1,200ක් පමණ දැනටමත් ඉවත් කරගෙන තිබෙන අතර, ඇතැම් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් ඊශ්‍රායලයෙන් සයිප්‍රසයට නෞකාවකින් ගොස් ඇති අතර, තවත් පිරිස් ගොඩබිම් හරස් මාර්ග හරහා එම රටවලින් ඉවත් වී තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනය විසින් ඉරානයේ සිටි සිය රටවැසියන් 1,600කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායලයේ සිටි තවත් සිය ගණනක් ඉවත් කර ඇති බවයි. ඉන්දියාව විසින් ඉරානයේ ගොඩබිම් මාර්ගවලින් ආර්මේනියාවට පලා ගිය සිසුන් 110ක් පමණ ආපසු දිල්ලියට කැඳවාගෙන තිබෙන බව පැවසේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාව විසින් රට හැර යාමට කැමැත්තෙන් පසුවන ඊශ්‍රායලයේ සිටින තම පුරවැසියන් ඉවත් කිරීමට සැලසුම් සකස් කර ඇති අතර ඊශ්‍රායලයේ ඉන්දියානුවන් 30,000ක් පමණ සිටින බවයි. පාකිස්තානුවන් ද 3,000ක් පමණ ඉරානයෙන් පිටව ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානය විසින් ද ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් තම පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා හමුදා ගුවන් යානා දෙකක් යොමු කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.කෙසේවෙතත් ඉරාන ගුවන් අවකාශය වසා දැමීම සහ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගී ගමනාගමනය සඳහා වසා දැමීමත් සමඟ බොහෝ රටවල් සිය පුරවැසියන් ඉවත් කිරීම සඳහා සංකීර්ණ කටයුත්තකට මුහුණ දෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චෙක් ජනරජය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් ඉරානයේ ටෙහෙරාන් නුවර තානාපති කාර්යාල මෙහෙයුම් ද අත්හිටුවා තිබෙන අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් තීරණාත්මක තැනකට ගෙන යමින් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියේ නියෝජිතයින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.එය සාර්ථක වුවහොත් දෙරටේ ගැටුම් ආරම්භ වී සතියකට පසු ඉරාන සහ බටහිර නායකයින් හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇත. යුරෝපා සංගම් නියෝජිතයින් ද ඊට එක්වනු ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...