ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහි නීති ඉවත් කිරීමේ පොරොන්දුවට යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදය!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් අගය කර තිබේ.

ඊයේ (19) දිනයේදී යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරයෙක්වන ජර්මානු ජාතික ලුකා සෙපියර් ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරකයෙක් වන කෞශාල් රණසිංහ සමග පැවති සමාජ මාධ්‍ය සංවාදයකදී යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාවට එරෙහිව පවතින නීති කෙරෙහි යොමුව ඇති බව පවසා ඇත.

එහිදී ඔහු තවදුරටත් ඔහු සඳහන් කරන්නේ 2022 දී දූෂණ,වංචා සහ පවුල් පාලනයට එරෙහිව ශ්‍රී ලංකා ජනතාවගේ නැගීසිටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් වූ බවත්, වර්තමානයේ දේශපාලන යාන්ත්‍රණය පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තු පවතින බවත්ය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රගතිශීලී තීන්දුවක් ලබාදෙමින් පාර්ලිමේන්තුවේ, දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කිරීමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත් කිරීම සඳහා පොරොන්දු දීම අගය කළ ලුකා සෙපියර්, එම පොරොන්දු ක්‍රියාත්මක වීම සිදුවේදැයි ජාත්‍යන්තරය වශයෙන් බලා සිටින බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවට මානව හිමිකම් ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

තවද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා සෙයිපර් විසින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සමලිංගික ප්‍රජාවට එරෙහි පවතින නීති යටත් විජිත සමයේදී යුරෝපා ජාතිකයන් විසින් පැනවීම සම්බන්ධව සිය සමාව අයදින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...