*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

හාල් මිල 1000 ට ගියත් ජවිපෙ, පෙරටුගාමීන් කට අරින්නෙ නෑ – රොෂාන් රණසිංහ

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලබන මාර්තු මාසය වනවිට වැසි ලැබුණහොත් වැසි ජලයෙන් පමණක් යල කන්නයේ වී වගා කටයුතු සිදුකළ හැකි බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් ජලාශවල තිබෙන ජලය භාවිතා කර විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ඒ හරහා රටින් පිටතට ඇදී යන ඩොලර් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවත් ඇමතිවරයා සඳහන් කරයි.

කෘෂිකාර්මික රටක් ලෙස වගා කටයුතු ගොවි ජනතාවට පමණක් සීමා නොකර සියලු දෙනාම ගෙවත්තේ හැම බිම් අඟලක්ම කුමන හෝ දෙයක් වගා කිරීමට භාවිතා කළයුතු බවත්, ඒ හරහා ආහාර ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමට සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බවත් රොෂාන් රණසිංහ මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වනවිට සහල් මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ජනතාව මුහුණ දී සිටින අසීරුතා පිළිබඳව ආණ්ඩුව අවබෝධයෙන් කටයුතු කරන බවයි. සහල් මිල හැකිතරම් අවම කිරීමට ආණ්ඩුව ගතහැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ඔහු පවසයි.

කෙසේ නමුත් වැඩිවන සහල් මිල සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, සහල් මිල රුපියල් 1000 දක්වා ඉහළ ගියද ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කණ්ඩායම් කටක් හොල්ලන්නේ නැති බවත් පෙන්වා දෙන ඇමතිවරයා, ඔවුන් අතර ඩීල් එකක් තිබෙන බව ඉන් පැහැදිලි වන බවද කියා සිටිනවා.

ආගමික නායකයන්ගේ ආශිර්වාදය හා උපදෙස් ලබාගෙන ජනතා ගැටලු විසඳීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා. ඊට අදාලව වාරිමාර්ග අමාත්‍යංශය සතු කාර්යභාරය නිසි පරිදි වටහාගෙන කටයුතු කරන බවද ඔහු පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan