පෞද්ගලික අංශයේ සේවකයන්ටත් work from home, අනවශ්‍ය ගමන් බිමන් එපා – බලශක්ති ඇමති යෝජනා කරයි

Date:

පෞද්ගලික අංශයේ සේවකයන්ටද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවා නිවසේ සිට වැඩ කළ හැකි සේවකයන්ට ඊට අදාල පහසුකම් සපයන ලෙසයි.

සීමිත ඉන්ධන තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමතිවරයා මෙම යෝජනාව සිදු කරයි.

සේවා සැපයීමේදී හැකිතරම් අන්තර්ජාලය භාවිතා කරන ලෙසත් රැස්වීම් සඳහා පිට පළාත්වල සේවකයන් කැඳවීම වෙනුවට අන්තර්ජාලය හරහා එම රැස්වීම් පවත්වන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඇමතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විනෝද ගමන් ඇතුළු අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ඉන්ධන ආරක්ෂා කර ගැනීම සඳහා රජයට හැකිතරම් සහාය ලබාදෙන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...