තීන්දුව ලැබෙන තුරු දිවුරුම් දෙන්නේ නෑ – ධම්මික අධිකරණයට දැනුම් දෙයි

0
2786

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීම සිදු නොකරන බව ධම්මික පෙරේරා මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඒ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 5 හෙට දිනයේත් සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත බවයි වාර්තා වූයේ.

RN