නොන්ඩි ගසන ගෝඨාභය දැන්වත් ගෙදර යා යුතුයි ! – තාරක ලියයි

Date:

අපි මේ මාතෘකාව යෙදුවේ අද උපන්දිනය සමරන ගෝඨාභය, වයෝවෘද්ධ මහල්ලෙක්ය කියා හඟවන්නට නොවෙයි. තමන් දරන ධුරයේ බල මහිමයෙන් විඳින සැප නිසා, ඔහු, සමහරවිට, `ජනාධිපති කෙනෙක් නොවන අවුරුදු හැත්තෑ තුනේ ලංකාවේ වෙනත් මිනිසකු` තරම් ශාරීරිකව දුර්වල නැතුව ඇති. ඒක අපට මේ ලිපියට අදාළ නැහැ. අපට මෙතැනට අදාළ ගෝඨාභය දේශපාලනික වශයෙන් නොන්ඩි ගැසීමයි. ඔහු දේශපාලනික වශයෙන් දුර්වලයෙක්. නොන්ඩි ගසන්නෙක්.

ඇයි අපි එහෙම කියන්නේ ?

ඔහු දේශපාලනයට පිවිසෙන්නේම පෞරුෂයකින් නෙමෙයි. පෞරුෂය කියන්නේ උඩු රැවුලයි පදක්කමුයි නෙමෙයි. පෞරුෂය කියන්නේ පළමුකොටම මනුෂ්‍යත්වය. ලේ වැකි ඛේදවාචකයක් අද්දරට ඇවිත් “මම එනවා ඡන්දෙට – කවුද එන්නෙ තරගෙට“ කියල අහපු හැටි අපට් මතකයි. ඒවා පෞරුෂ නෙමෙයි. වත්මන් පුර වහරෙන් කිව්වොත්… ඒවා චොර ! (චොර කියන වචනේ චෞර කියල වර නගාගෙන පුර වහරයි වියත් වහරයි එක්කහු කරගන්නත් ඕන නම් පුළුවන්)

ඊළඟට.. බැසිල් හදල දුන්නු අම්බලමේ මෙයාව ඉන්දෙව්වා. දේශපාලනය ගැන මෙලෝ මලහත්තිලව්වක් නොදැන නිකම්ම නිකම් රූකඩයක් බවට පත්වුණා. අලුත් බෝතල්වල පරණ වයින් නෙමෙයි පරණ බෝතල්වලම පරණ වයින් පුරවලා අම්බලමේ තැන්තැන්වල තියනකොට මෙයා ඔහේ බලාගෙන හිටියා. ලංකා ඉතිහාසයේ අතිවිශාල ඡන්ද ප්‍රමාණයකුත් එක්ක ව්‍යවස්ථාදායකයේ අතිවිශාල බලයකුත් තමන්ගේ ධුරයට පවරගත්තත් භාණ්ඩේ වැඩ නැහැ. ඇයි ඒ ? දේශපාලනිකව උපන්ගෙයි දුර්වලයි.

ඊට පස්සේ..

යථාර්ථය ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නැතුව තමන්ගේ මනෝ භ්‍රාන්ති රාජ්‍ය ප්‍රතිපත්ති බවට පත්කරන්න හැදුවා. කාබනික ගොවිතැන කියන වචන දෙකට මුවාවෙලා ඓතිහාසික පිස්සුවක් කෙළියා. කෘෂිකර්මයට බඩු හම්බ වුණා. ගොවියා නන්නත්තාර වුණා. ආහාර සුරක්ෂිතතාව බින්දුවට බැස්සා. සල්ලි තිබුණත් කන්න නැති තත්ත්වයට පුරවැසියා හතර ගාතෙන් වැටුණා. ගෝඨාභය නොවන වෙන ඕනෑම පොල්පිත්තක් ඔය පුටුවේ හිටියානම්, ඔච්චර බුලක් නොකෙළින බව සක්සුදක් නොව කොක් සුදක් සේ පැහැදිලියි.

එතැන් පටන් .. පටන් ගත්ත දවසේ පටන්.. රිවස් රිවස් රිවස් රිවස් !!!!  ඇයි ඒ ? දේශපාලනය දන්නෙ නැහැ. රාජ්‍ය පාලනය දන්නෙම නැහැ. ඒ මුග්ධ දෙවසර ගැන එකින් එක නැවත ලියන එක කිසිම තේරුමක් නැහැ. අන්න ඒ තේරුමක් නැතිකම තවත් ඉවසාගත නොහැකි නිසා තමයි මේ රටේ මිනිස්සු එකා වගේ පාරට බැහැල මේ තේරුමක් නැති පාලකයාට කිව්වේ සහ කියන්නේ.. ගෝටා ගෙදර යන්න කියල. ඒත් එයා යන්නෙ නැහැ.. මොකද පොරට ඒක තේරෙන්නෙත් නැහැ.

නම්බු පිටින් පුටුවෙන් බැහැල ගෙදර යනවා වෙනුවට – තමන්ගේ දුර්වලකම ත්රුම් ගන්න බැරුව – නොන්ඩි ගගහ ඉස්සරහට යන්න උත්සහ කරනවා. කිසිම තේරුමක් නැහැ. ඔන්න රනිල් කියන හැරමිටිය පාවිච්චි කරනවා වෙලාවකට. ධම්මික කියන හැරමිටිය පාවිච්චි කරනවා වෙලාවකට. ඒත් වැඩක් නැහැ. දිගටම නොන්ඩි. රටටම නෝන්ඩි.  

අද මේ ලස්සන උපන්දිනේ දවසේ අපට කියන්න තියෙන්නේ.. දැන් ඇති ! නොන්ඩි ගගහ නෝන්ඩි වෙවී අමාරුවෙන් ඔයා නම් යයි. ඒත් රටකට මීට වඩා නොන්ඩි ගහන්නත් බැහැ. නෝන්ඩි වෙන්නත් බැහැ. මිනිස්සු ඉන්නේ අවසන් සීමාවේ. ඒ සීමාව පනින එක සමාජයකට අනතුරුදායකයි. අන්න ඒ නිසා මිස්ටර් ප්‍රසිඩන්ට්, ප්ලීස් ගෝ හෝම් !!

අවසන් වශයෙන් ජනතාවට කියන්න තියෙන්නේ.. මේ අවුරුදු හැත්තෑ තුනේ සාපෙයි, අවුරුදු හැත්තෑ හතරෙ සාපෙයි එක පාර පරද්දන එක තමයි වැඩේ ! එන්න !! ඉස්සරහට එන්න.. මේක තමයි ලංකාව ඔබව ඉල්ලන වෙලාව.. ලාංකේය ජාතිය හැටියට එක්ව ජනතාවගේ බලය පෙන්වමු !!!

– තාරක 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...