*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අමනෝඥ තීන්දු එපා. එකට එකතුව IMF වෙතින් හොඳ දේ දිනාගමු – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්

කළබලයට හා තම තමන්ට හිතු මතේට අයි. එම්. එෆ්. එක කියන කියන කේන්දේසිවලට එකඟ වූ තත්ත්වයක් තුළ රටට සිදුව ඇති විනාශය පෙනෙන හෙයින් දැන්වත් කළබලකාරී තීන්දු තීරණ නොගෙන විපක්ෂයට සියලු කරුණු කාරණා හෙළිදරව් කර විපක්ෂයත් ආණ්ඩුවත් එකම හඩින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීමට එක්වන ලෙසත් පක්ෂ පාට ආගම් ජාති භේදයකින් තොර පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකම හඩින් කියා සිටින්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි බලපෑමක් සිදු කර විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාගේ තැන්පතු රැක ගත හැකි බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේදී ය.

හරි දේට හරි කිව්වට වැරදි දෙයට එකග නොවන බවත් විවිධ උප්පරවැට්ටි එකඟතාවලට හිර නොවී තමන් ගත්ත අමනෝඥ තීරණ අමනෝඥ ලෙස සලකා අලුත් ආකාරයට ඉදිරියට යන්න එකතු වන ලෙසත් මෙරට ජනතාවගේ තැන්පතුවල වටිනාකම් සුරක්ෂිත කිරීමට සූදානම් නමුත් ආණ්ඩුව කියන කියන දෙයට අත් ඉස්සීමට සූදානමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම පුන පුනාම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ගිවිසුමට අදාළ දත්ත සහ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් එය නොදුන් බවත් යම් හෙයකින් එම ගිවිසුම පාර්ලිමේන්තු සභාගත කළේ නම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගැනීමට නියමිත ගිවිසුම ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් කර ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කළ හැකි වුවත් එවැන්නක් සිදු නොවූ බවත් එම දත්ත රටෙන්, පාර්ලිමේන්තුවෙන් සඟවා තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම අනුමත කරන බවත් සමගි ජන බලවේගය වුවත් විශ්වාස කරන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා මෙම ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි වුවත් මහබැංකු අධිපති හා මුදල් රාජ්‍ය ඇමති විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොකරන බව පවසා සිටියදීත් ජනාධිපතිවරයා විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු කරන බව පැවසීම පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එක වෙලාවකට එක දෙයක් තව තවත් වෙලාවකට තව දෙයක් කියමින් එකිනෙකට පරස්පර විරෝධි කතා කීම තුළ රජය පිළිබඳ විශ්වාසය පළුදු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ බොහෝ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට යා හැකි වුවත් ශ්‍රී ලංකාවට එවැන්නක් සිදු කළ යුතු වීමත් අතර යම් සැගවුණු දෙයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනතාව ගැන හෝ මහජන සුබ සාධනය, තැන්පතු හා පාරිතෝෂිත මුදල් ගැන නොසිතා ඇති බවත් මෙවැනි තීන්දුවකට ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස එකග විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan