සංශෝධනවලට සහය දුන්නොත් පනතටත් සහය ලැබෙයි – SJB

Date:

කොළඹ LNW:ඉදිරිපත් කරන සංශෝධනවලට සහය දෙන්නේ නම් පමණක් දූෂණ විරෝධී පනතට සමඟි ජන බලවේගයේ සහය හිමිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතේ පසුගිය කාලයේදී දූෂණ වංචාවලින් හොරකම් කරපු දේවල් නැවත අත්පත් කර ගැනීම ගැන ප්‍රතිපාදන අඩංගු නැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”ඒ පනතේ නැහැ පසුගිය කාලයේ දී දූෂණ වංචාවලින් හොරකම් කරපු දේවල් නැවත අත්පත් කර ගැනීම ගැන. ඒ ගැන ඇහුවම කියනවා ඒකට වෙනත් පනතකින් ගේනවා කියලා ස්ටෝලන් ඇසට් රිකවරි. පසුගිය කාලයේ දී රාජ්‍ය දේපල දූෂණය කරලා අත්පත් කර ගත්ත දේවල් නැවත අයකර ගැනීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරලා නැහැ. මොන දූෂණ විරෝධී පනත ගෙනාවත් වැඩක් නැහැ ඒකට නිසි ක්‍රමවේදයක් නැත්නම්. ඇයි පසුගිය කාලයේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් නඩු දැම්මා. නඩු පැවරුවාම ඒ නඩු පැවරීමේ ක්‍රමවේදය වැරැදියි කියලා නඩුව අධිකරණය ප්‍රතික්ෂේප කරා. ඒ නඩු පවරපු පුද්ගලයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතු නැද්ද? විශේෂයෙන්ම මේ නඩු පැවරීමේ දී යම් යම් තාක්ෂණ දෝෂ ඇතිව නඩු පැවරීම තුළ ඒවා උසාවියෙන් විසි වෙනවා. එහෙම වුණාම නඩු පවරන පුද්ගලයාට ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එහෙම දෙයක් මේ පනතේ අඩංගු වෙලා නැහැ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...