ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා කෘතිය: “ගාඩි (Children of the Sun)” ලන්ඩනයේදී!

Date:

Colombo (LNW): ප්‍රවීණ චිත්‍රපට නිශ්පාදක ප්‍රසන්න විතානගේ මහතා ගේ නවතම සිනමා සිත්තම වන ගාඩි – චිල්ඩ්රන් ඔෆ් ද සන් (Children of the Sun) මෙම මස 23 වන දින සිට එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිනමා හල් රැසක තිරගත වීමට නියමිතව තිබේ.

ලන්ඩනයේ හවුන්ස්ලෝ, වෙම්බ්ලි, සවුත් රුස්ලිප්, බර්මිංග්හැම් එන්ඊසී, කාර්ඩිෆ්, ඩෝල්ටන් පාර්ක්, ග්ලැස්ගෝ එස්බී, ලෝබොරෝහ්, මිඩ්ල්ස්බ්රෝ, නෝර්ත්හැම්ප්ටන්, ස්ටීවනේජ්, ස්ටෝක්, වොට්ෆෝර්ඩ් සහ ග්‍රීන් යන සිනමා හල්වල මෙම නවතම සිනමා සිත්තම තිරගත වීමට නියමිතව ඇත.

මෙම චිත්‍රපටයට අයිරාංගනී සේරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, සජිත් ඇන්තනි, ෂ්‍යාම් ප්‍රනාන්දු ආදී රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසකගේ රංගන දායකත්වය ලැබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම ශ්‍රී ලංකා සිනමාව කෙරේ ඇල්මක් දක්වන විදෙස්ගත දෙස් විදෙස් සැමට මෙම චිත්‍රපටය නැරඹීම සඳහා පහත දැක්වෙන වෙබ් අඩවිය වෙත පිවිස ටිකට්පත් වෙන් කරවා ගත හැකිය:

https://www.cineworld.co.uk/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...