ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේ දී ඊයේ (20) පැවැත්විණි.

ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

එසේම නැවත වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මොදි මහතාට සිය සුභාසිංශන පිරිනමන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් මහතා පැවසීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා, වී රාධාක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...